බටහිර ඖෂධ 80%ක් මෙරටදීම නිපදවයි! | සිළුමිණ

බටහිර ඖෂධ 80%ක් මෙරටදීම නිපදවයි!

රටට අවශ්‍ය ඖෂධ වර්ගවලින් සියයට 80ක් මෙරටදීම නිපදවීමට අවශ්‍ය කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුරු සමරසුන්දර මහතා සිළුමිණට පැවසීය. ගිය වර්ෂයේ නිෂ්පාදනය කළ බිලියන 2ක් වූ ඖෂධ පෙති සහ කරල් ප්‍රමාණය මේ වර්ෂයේදී බිලියන 4 දක්වා වැඩි කිරීමට රුපියල් බිලියන 1.2ක මුදලක් ආයෝජනය කිරීමට අපේක්ෂා කරන බවත් ඉන් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 54ක් මෙරටදීම නිෂ්පාදනය කිරීමට හැකිවන බවත් ඔහු පවසයි.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සංකල්පයක් මත සෞඛ්‍ය අමාත්‍යාංශය, රුධිර බැංකුව සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව එක්ව පරිත්‍යාගශීලීන් ලබාදෙන රුධිර පටකවල අතිරික්තයෙන් ප්‍රයෝජනය ගැනීමට ඩොලර් මිලියන 30ක ආයෝජනයකින් රුධිර පටක උපයෝගී කරගෙන ඖෂධ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවකට මුල්ගල් තැබීම ලබන 10 වැනිදා මීගමුවේදී සිදුකිරීමට නියමිතය.

Comments