
දහම් අධ්‍යාපනය අනිවාර්ය කිරීමේ අරමුණින් දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැයි බුද්ධශාසන වනජීවී හා තිරසර අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි. බෞද්ධ, කතෝලිත, හින්දු ඇතුළු සියලුම දූ දරුවන් මේ යටතට ගැනෙන අතර දහම් අධ්‍යාපනය ලබන සිසු දරුවන්ට පාසල්වලට ඇතුළු වීමේදී විශේෂිත ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් ආරම්භ කිරීමට මේ වන විටත් අධ්‍යාපන ඇමැතිවරයා සමඟ සාකච්ඡා කර තිබෙන බවද කීවේය.
දහම් අධ්‍යාපනය නොමැති වීම නිසා ඇතිව තිබෙන ගැටලු හා ආගමික සහජීවනය ඇති කිරීම මෙහි තවත් අරමුණක් බවද කී ඒ මහතා මේ පනත සම්මත වීමෙන් පසුව ජනප්‍රිය පාසල්වලට දරුවන් ඇතුළු කිරීමේදී ආගමික පරිසරයක හැදෙන වැඩෙන දරුවන්ට පුමුඛතාව හිමිවන බවද පෙන්වා දුන්නේය.