‘මැකො බුදියන්න ගියේ ඇයි? | සිළුමිණ

‘මැකො බුදියන්න ගියේ ඇයි?

 රසික කොටුදුරගේ

පළාත් පාලන මැතිවරණයේ ස්වභාවය තේරුම් නොගැනීමට අසමත් සමහර දෙනා සමස්ත ඡන්ද ප්‍රතිඵලය ඉල්ලා සිටින බවත්, එවැන්නක් ලබාදිය නොහැකි බවත්, 'එය හරියට පළවෙනි ළමය හම්ඹුණාම දෙවෙනි ළමයා හදන්නේ කවද්ද කියල අහනව වගේ කතාවක්'' බවත් පසුගියදා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.

මෙවැනි ඡන්දයකදී මුළු රටේම සමස්ත ප්‍රතිඵලය පෙන්වීමේ අවශ්‍යතාවක් ස්වාධින මැතිවරණ කෙමිසමට නැති බවත්, පනතේ එවැන්නක් සදහන් වී නැති බවත් පැවසූ සභාපතිවරයා මේ කිසිවක් නොදන්නා මධ්‍ය ‘සමස්ත ප්‍රතිඵලය නොදී මැකෝ බුදියන්න යයි’ යනුවෙන් මාධ්‍ය වාර්තා පළ කර ඇති බව ද පැවසීය.

මේ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරමින් “මේක හොඳින් අවබෝධ කරගන්න ඕන කාරණාවක් මැතිවරණයකදී සමස්ත ප්‍රතිඵලය ලබාදෙන්න පුළුවන් අවස්ථා තුනයි තියෙන්නේ, එකක් ජනාධිපතිවරණය. එහිදී මුළු රටේම සමස්ථ ප්‍රතිඵලය සලකා බැලීමෙන් අනතුරුවයි ජයග්‍රාහකයා නම් කරනු ලබන්නේ. දෙවැන්න මහ මැතිවරණයකදී සමස්ත දිවයිනේම සමස්ත ප්‍රථිඵලය නිකුත්වනතුරු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 29වන වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුවට තේරීපත් වුණු මන්ත්‍රීවරු ගණන තීරණය කර පාර්ලිමේන්තුවේ සංයුතිය කියන්නට බැහැ.

ජාතික ලැයිසිතුවේ මන්ත්‍රීධූර සංඛ්‍යාව තීරණය කරනු ලබන්නේ. තුන්වැන්න ජනමත විමසීම, එහිදී මුළු රටම ඡන්දකොට්ඨාශයක් ලෙස සලකමින් මැතිවරණය පවත්වනවා. එය මැතිවරණ කොමිසම විසින් පත්කරන ජනමත විචාරණ කොමසාරිස් විසිනුයි පවත්වන්නේ. ඔහු තමයි එහි සමස්ත ප්‍රථිඵලය නිකුත් කරන්නේ. මේ කියන අවස්ථා තුන ඇරුණම සමස්ත ප්‍රතිඵල ලබාදීමක් පළාත් පාලන ඡන්දයකදී සිදු වන්නේ නැහැ. නමුත් පළාත් සභා මැතිවරණයකදී නම් පළාත තුළ සමස්ත ප්‍රථිඵලය සලකා බැලීමක් සිදු කරනු ලබනවා. ඒ බෝනස් මන්ත්‍රීධූර තීරණය වන්නේ ඒ අනුව වන නිසා.

දකුණු පළාත් සභාවේ සමස්ථ ප්‍රථිඵලය දෙන්න නම් ගාල්ලයි, මාතරයි,හම්බන්තොටයි එකතු කරල කියන්න ඕන. එතකොට තමයි සමස්ත ප්‍රථිඵලය එන්නේ. කොළඹ නගර සභාවේ සමස්ථ ප්‍රථිඵලය දෙන්න නම් ඔය විදියටම ඒ බෝර්ඩ් 47ම එකතුව ගණනය කරන්න වෙනවා. කලින් මා සඳහන් කළ මැතිවරණවලදී එලෙස සමස්ථ ප්‍රථිඵලය පිළිබඳව විමැසීම සාධාරණයි. එහි ස්වරූපය අනුව එය ලබාදීම අනිවාර්යයක් වන බවත්, නමුත් පසුගිය පළාත් පාලන මැතිවරණය එවැනි මැතිවරණයක් නොවන බවත් ඒ මහතා පැවසීය. 

 

Comments