
ජයසිරි මුණසිංහ
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් කර ගැනීමට මේ වසරේ මුල් මාසයේදී ඩොලර් මිලියන 194 ක් විදේශ වෙළෙඳපොළින් මිලදී ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල ශක්තිමත් කරලීම සඳහා වසර 2017 දී විදේශ වෙෙළඳපොළින් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.6ක් මිලදී ගත් බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවැසීය.
වෙළෙඳපොළ ඉල්ලුම හා සැපයුම මත විදේශ විනිමය අනුපාත තීරණය කිරීමට මහ බැංකුව විසින් ඉඩහැර තිබියදී පවා මේ අන්දමට ඩොලර් මිලට ගෙන රුපියල ශක්තිමත් කිරීමට තමා කටයුතු කළ බවද අධිපතිවරයා කීය. වසර 2017 සියයට 2කින් අවප්‍රමාණය වූ රුපියල 2018 දී අවප්‍රමාණය වී තිබෙනුයේ සියයට 1.2කිනි.