දේශීය වෙදකමට අලුත් පනතක් | සිළුමිණ

දේශීය වෙදකමට අලුත් පනතක්

 වර්තමානයේ දේශීය වෛද්‍ය ක්‍රමය ශ්‍රී ලාංකිකයන් මෙන් ම විදේශිකයන් අතර ද ප්‍රචලිතව පවතින අතර කාලීන අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස ආයුර්වේද වෛද්‍ය සභාවේ කාර්යයන් පුළුල් කිරීම සුදුසු බව රජ‍ය හඳුනාගෙන ඇත. ඒ අනුව ආයුර්වේද වෛද්‍ය සභාවේ කටයුතු විධිමත් කිරීමේ අරමුණින් නව දේශීය වෛද්‍ය සභා පනතක් සකස් කිරීමට පියවර ගෙන තිබේ.

ආයුර්වේද වෛද්‍ය සභාවේ කටයුතු විධිමත් කිරීමේ අරමුණින් පනතක් සකස් කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අමාත්‍ය මණ්ඩල යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා අනුමැතිය ලැබී තිබේ.

ආයුර්වේද පනත යටතේ පිහිටුවන ලද ආයුර්වේද වෛද්‍ය සභාව විසින් වර්තමානයේ දී දේශීය වෛද්‍ය ක්‍රමය තුළ සේවයේ යෙදෙන වෛද්‍යවරුන් ලියාපදිංචි කිරී‍ම, නියාමනය කිරීම, හා ඔවුන්ගේ ආචාර ධර්ම සම්බන්ධයෙන් කටයුතු කිරීම සිදු කෙරේ.

Comments