විද්‍යා කාන්තා දිනය | Page 5 | සිළුමිණ

විද්‍යා කාන්තා දිනය

විද්‍යාව හදාරන කාන්තාවන්ගේ අඩුවක්

විද්‍යාත්මක පර්යේෂණ සහ නව නිපැයුම් කෙරෙහි කාන්තාවන්ගේත් තරුණියන්ගේත් උනන්දුව සහ සහභාගීත්වය වර්ධනය කිරීම තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය කරුණක් බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගටරෙස් මහතා අවධාරණය කරයි. ඔහු එසේ පැවසුවේ අදට (11) යෙදී ඇති විද්‍යා ක්ෂේත්‍රයේ නියුතු කාන්තාවන් සහ තරුණියන් සඳහා වන අන්තර්ජාතික දිනය වෙනුවෙනි.

ලෝකයේ රටවල් 14ක කළ අධ්‍යයනයකට විද්‍යා ක්ෂේත්‍රයට සම්බන්ධව ප්‍රථම උපාධිය ලබා ගන්නා සිසුවියන්ගේ ප්‍රතිශතය සියයට 18ක්ද පශ්චාත් උපාධිය සියයට 8ක් සහ ආචාර්ය උපාධිය ප්‍රතිශතය සියයට 2ක් ද බව තහවුරු වී තිබේ. එයට සාපේක්ෂව සිසුන් සියයට 37ක් විද්‍යා ක්ෂේත්‍රයෙන් ප්‍රථම උපාධිය ලබන අතර පශ්චාත් සහ ආචාර්ය උපාධි ලබා ගන්නා පිරිමි ප්‍රතිශතය පිළිවෙලින් සියයට 18ක් සහ 6ක් වේ. මෙය කාන්තාවන් සහ පිරිමින් අතර අධ්‍යාපන විෂමතාවක් ඇති කිරීමට හේතු වී ඇති බව ඔවුන්ගේ මතයයි.

එහෙත් අන්තර්ජාතික වශයෙන් එකඟව ඇති සංවර්ධන අරමුණු මෙන්ම වසර 2030 සඳහා වන තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය යථාර්ථයක් කර ගැනීම සඳහා විද්‍යාව මෙන්ම පුමිතිරි සමානාත්මතාව ඉතා වැදගත් වන බව අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමයි. ඒ අනුව කාන්තාවන් සහ තරුණියන් විද්‍යා ක්ෂේත්‍රයට යොමු කිරිම කෙරෙහි පසුගිය වසර 15ක කාලය පුරා ගෝලීය ප්‍රජාවගේ දැඩි උනන්දුවක් ඇති වී තිබූ බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි. රටවල් 68ක එකඟතාවයකින් යුතුව එක්සත් ජාතීන්ගේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් විද්‍යා ක්ෂේත්‍රයේ කාන්තාවන් හා තරුණියන්ගේ අන්තර්ජාතික දිනය නම් කෙරී ඇත.

Comments

this is not a one culture, each country must have different cultures, UN must not apply western theories to all countries

පිටු