වගා වන්දි රුපියල් කෝටි 1363 ක් | සිළුමිණ

වගා වන්දි රුපියල් කෝටි 1363 ක්

පසුගිය මහකන්නය සඳහා පොහොර සහනාධාරය හා වගා පාළු වන්දි වෙනුවෙන් ගොවීන් ලක්ෂ 15 කට රුපියල් කෝටි 1365 ක මුදලක් ගෙවා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව 2017 මහ කන්නයේ පොහොර සහනාධාරය සඳහා ගෙවූ මුළු මුදල ලක්ෂ 84226 කි. හෙක්ටයාර 682067 ක් වගා කිරීමට ගොවීන් 950000 කට මෙම ගෙවීම් කර ඇත. මීට අමතරව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් 2017 වසරේ ස්වභාවික ආපදාවලට ලක්වූ ගොවි ජනතාව 529000 ක් සඳහා රුපියල් කෝටි 520 ක මුදලක් වගා වන්දි ලෙස ගෙවා ඇත. මෙම වැඩපිළිවෙළ යටතේ ඉදිරියටත් පොහොර සහනාධාරය නොඅඩුව ලබාදෙන බවත් වගා වන්දි නොඅඩුව ලබාදෙන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසීය.

Comments