
ඩෙංගු වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා තිරසාර විසඳුමක් ලෙස වොල්බැකියා (Wolbachia bacteria) බැක්ටීරියාව හඳුන්වා දීමට ඔස්ට්‍රේලියානු රජය ඉදිරිපත් වී සිටී. ඔස්ට්‍රේලියානු රජයේ නව දැනුම් හුවමාරු වැඩසටහන යටතේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ ලෝක මදුරු වැඩසටහන මඟින් වොල්බැකියා බැක්ටීරියාව ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. වොල්බැකියා බැක්ටීරියාව ඩෙංගු මදුරුවන් අධික ප්‍රදේශවලට මුදා හැරීමෙන් ස්වභාවිකවම මදුරු ජනනය අඩුවන බව සොයාගෙන තිබේ.
ඩෙංගු වයිරසයට
මදුරුවන් ආශ්‍රිත වෛරසවලින් බෝවන රෝග දැන් ලෝක සෞඛ්‍යයට බලවත් තර්ජනයක් බවට පත්වෙමින් පවතින අතර එයින් මිදීමේ මං සෙවීම ලෝක මදුරු වැඩසටහනෙහි (World Mosquito Program) (WMP) හි අරමුණය. වොල්බැකියා බැක්ටීරියාව ඩෙංගු සිකා සහ චිකන් ගුන්‍යා වැනි වෙනත් මදුරුවන් ගෙන් බෝවන වෛරස රෝග මර්දනය සඳහා ද උපකාරී වන බව ලෝක මදුරු වැඩසටහන මඟින් හඳුනාගෙන තිබේ.
මොනෑෂ් විශ්වවිද්‍යාලයීය ලෝක මදුරු වැඩසටහන සහ මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය අතර මෙම වැඩසටහන ඇරඹීම සඳහා වන ගිවිසුම පසුගියදා කොළඹ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේදී සිදු කෙරිණ. ශ්‍රී ලංකාව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක සුගතදාස සහ ලෝක මදුරු වැඩසටහනේ අධ්‍යක්ෂ මහාචාර්ය ස්කොට් ඕනිල් මහතා ගිවිසුමට අස්සන් කළ අතර එහිදී මහාචාර්ය ඕනිල් මහතා පැවැසුවේ මෙම වැඩසටහන ඇරැඹීම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයෙහි වැදගත් පියවරක් සටහන් කෙරෙන බව ය. ඩෙංගු උවදුර ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සඳහා වන දිගුකාලීන තිරසර වැඩසටහනක මුල් පියවර ලෙස සලකනු ලබන අතර වැඩිපුරම ඩෙංගු තර්ජනයට ලක්ව ඇති කොළඹ නගරයෙන් මෙම වැඩසටහන අරඹන බව ද මහාචාර්ය ඕනිල් පැවැසීය.
ඉදිරි මාස 12 ඇතුළත කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ තුනක වැටසටහන් අරඹන අතර පළමු වොල්බැකියා බැක්ටීරියා සහිත මදුරුවන් නිදහස් කිරීම ලබන වසරේදී සිදු කෙරෙනු ඇත. ඉදිරියේදී මෙම වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය. මදුරුවන් ආශ්‍රිත වෛරසවලින් බෝවන රෝග දැන් ලෝක සෞඛ්‍යයට බලවත් තර්ජනයක් බවට පත්වෙමින් පවතින අතර එයින් මිදීමේ මං සෙවීම ලෝක මදුරු වැඩසටහනෙහි (World Mosquito Program) (WMP) හි අරමුණය. වොල්බැකියා බැක්ටීරියාව ඩෙංගු මෙන්ම සිකා සහ චිකන් ගුන්‍යා වැනි වෙනත් මදුරුවන් ගෙන් බෝවන වෛරස රෝග මර්දනය සඳහා ද උපකාරී වන බව ලෝක මදුරු වැඩසටහන මඟින් හඳුනාගෙන තිබේ.
මොනෑෂ් විශ්වවිද්‍යාලයීය ලෝක මදුරු වැඩසටහන සහ මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය අතර මෙම වැඩසටහන ඇරඹීම සඳහා වන ගිවිසුම පසුගියදා කොළඹ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේදී සිදු කෙරිණ. ශ්‍රී ලංකාව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක සුගතදාස සහ ලෝක මදුරු වැඩසටහනේ අධ්‍යක්ෂ මහාචාර්ය ස්කොට් ඕනිල් මහතා ගිවිසුමට අස්සන් කළ අතර එහිදී මහාචාර්ය ඕනිල් මහතා පැවැසුවේ මෙම වැඩසටහන ඇරැඹීම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයෙහි වැදගත් පියවරක් සටහන් කෙරෙන බව ය.