
පළාත්පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරා ගෙන යාමට සියලු කටයුතු සිදු කරමින් පවතින බවත් ප්‍රාදේශීය සභා නගර සභා අපේක්ෂකයන් තම කාර්යයන් හොඳින් ඉටු කර තිබෙන බබත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සිළුමිණට කීය.
එක්සත් ජාතික පක්ෂය හා එක්ව හවුල් ආණ්ඩු කරමින් පක්ෂයට වින කරන බවට ඒකාබද්ධ විපක්ෂයේ සිටින ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරන් මෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ එල්. පීරිස් මහතා ඇතුළු පිරිස් දෝෂාරෝපණය කළද තම පක්ෂයේ අරමුණ පක්ෂය ජයග්‍රහණය කිරීම බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාම එක් වන්නේ නම් ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීමට සූදානමින් සිටින බවට ජනාධිපතිවරයා පැවසූ බව කී ඇමැතිවරයා, ඒ සඳහා දූෂණයෙන් තොරව පක්ෂය රැක ගැනීමට කටයුතු කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය.