නිදහස අර්ථවත්ව සමරමු | සිළුමිණ

නිදහස අර්ථවත්ව සමරමු

හැත්තෑවැනි නිදහස් උත්සවය අදට යෙදී තිබේ. ජාතියක් වශයෙන් අප සතුටු විය යුතුය. වසර හැත්තෑවක් පුරාවට අප කළ දේ අපිම මෙනෙහි කළ යුතුය. දැන් බිහිසුණු යුද්ධයක් අපට නැත. නිදහසේ එහා මෙහා ගමන් බිමන් යාමේ හැකියාවක් අපට ඇත්තේ ය. එහෙත් අපට ජය ගැනීමට තව බොහෝ දේ ඇත්තේ ය. මේ වන විට අප රටතුළ මහ පරිමානයෙන් සිදුවන අපරාධයන්ද බොහෝමය. මුදල් මුවාවෙන් සිදුවන මහා පරිමානයේ මංකොල්ලකෑම්ද එමටය. ඡන්දයක් පැමිණි විට සිදුවන ඇණ කොටා ගැනීම් ද එමටය. අපට උරුම වූ අති ශ්‍රේෂ්ට වූ සදාචාරය දැන් ගිලිහි ගොසිනි. එවන් වූ තත්ත්වයක් තුළ අප මහත් වූ ලීලාවෙන් නිදහස් උත්සවය සමරන්නෙමු. අති විශාල ධනස්කන්ධයක් වියදම් කරමින් නිදහස් උත්සවයක් සමරන්නෙමු. නිදහස ඇත්තේ අපේ සිත්හීය. සිංහ ලීලාවෙන් මහත් වූ ආදම්බරයෙන් ශ්‍රේෂ්ට ජාතියක් වශයෙන් ජාත්‍යන්තරය ඉදිරියේ නෑගී සිටීමට තරම්වූ හැකියාවක් අපට තිබිය යුතු ය. රටත් ජාතියක් වශයෙන් අප අඩුපාඩු තුරන් කර ඉදිරියට පැමිණිය යුතු ය.

වසන්ත කුරුප්පු - හලාවත

Comments