
දූෂණයෙන්, භීෂණයෙන් තොර සුපිරි සුදු ගමක් ගොඩ නැංවිය හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට පමණක් බව වටහා ගත් ජනතාව මෙවර පළාත් පාලන මැතිවරණයේ දී සිය පක්ෂයට බහුතර බලයක් ලබා දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවැසීය.
වසර 70 ක් පුරා එජාප, ශ්‍රීලනිප පක්ෂ එකතු වී මෙරට සෑම කේෂ්ත්‍රයක් පුරා දූෂණය, භීෂණය හා ප්‍රචන්ඩත්වය වපුරමින් රට අගාධයට ගෙන ගොස් ඇති බවත් එය වැලැක්විය හැක්කේ නොකැළැල් පිරිසක් සිටින ජනතා විමුක්ති පෙරමුණට බවත් හෙතෙම කීවේය.
තිස්සමහාරාමයේ පළාත් පාලන ආයතනයක් ජයග්‍රහණය කළ ජනතා විමුක්ති පෙරමුණ එම පළාත් පාලන ආයතනය ලංකාවේ හොඳම පළාත් පාලන ආයතනය ලෙස ජයග්‍රහණය කළ බව පවසන ඒ මහතා ඉදිරියේ ද සිය පක්ෂය ජයග්‍රහණය හිමිකර ගන්නා පළාත් පාලන ආයතන ද එම තත්ත්වයට පත්කර අනෙක් පක්ෂවලට ද ආදර්ශයක් ලබා දෙන බව ප්‍රකාශ කෙළේය. මැතිවරණය ප්‍රකාශයට පත් කළ දින සිට මෙරට සිටින උගත්, බුද්ධිමත් විද්වතුන් මහා සංඝරත්නය, කලාකරුවන් මෙන්ම සෑම කේෂ්ත්‍රයක්ම නියෝජනය කරනු ලබන පිරිස් ජනතා විමුක්ති පෙරමුණ වටා එක් රොක් වෙමින් සිටින බවත් ඉන් ලැබෙන ජයග්‍රහණය දැක අනෙකුත් පක්ෂ වියරු වැටී ඇති බවත් විජිත හේරත් මහතා පැවැසීය.
මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් සිය පක්ෂය විධිමත් හා සංවිධාත්මක ප්‍රචාරක වැඩ පිළිවෙළක් දියත් කර ඇති බවත් ඉදිරි දින කිහිපයේ ද එය තව තවත් වර්ධනය කර ජයග්‍රහණය විජය්‍රහණය කරා ගෙන යන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කෙළේය.