
කොළඹ කොටුව දුම්රිය ස්ථාන අධිකාරිවරයා ලෙස කටයුතු කළ සරත් පතිරණ මහතා වසර 35ක සේවා කාලයෙන් පසුව පසුගිය ජනවාරි මස 31 වැනිදා විශ්‍රාම ලැබීය.
පුත්තලම ඉහළ පුලියන්කුලම විද්‍යාචක්‍රවර්ති විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද පතිරණ මහතා කොළඹ විශ්ව විද්‍යාලයයේ උපාධිධාරියෙකි. 1983 වසරේ ජූලි කලබල සමයේ මහත් අපහසුතා ඇති කාලයේ දුම්රිය ස්ථානාධිපතිවරයකු ලෙස සේවයට බැඳුණු ඒ මහතා 1999 වසරේදී 1 ශ්‍රේණියේ දුම්රිය ස්ථානාධිපතිවරයකු ලෙසට පත් විය. එතැන් සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ මෙහෙයුම් මැදිරිය භාර ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ කළ ඒ මහතා පසුව ගිණුම් කටයුතු සම්බන්ධයෙන් ද එයින් පසුව පාලන අංශය භාරවද කටයුතු කෙළේය. 2015 වසරේ ජනවාරි මස කොටුව දුම්රිය ස්ථානාධිපතිවරයා ලෙස පත්වීම් ලැබූ ලැබූ පතිරණ මහතා සැම විටම ජනතා සේවයට කැපව කටයුතු කළ අයෙකි.