
ශ්‍රී ලංකා ඉතිහාසයේ වසර දෙක හමාරක කාලයක් තුළ ජනතාව වෙනුවෙන් වැඩිම වැඩ කොටසක් කළ ආණ්ඩුවක් වශයෙන් වර්තමාන ආණ්ඩුව සැලකිය හැකි බවත්, ඒ වෙනස සමාජය තුළ ස්ථාපනය කිරීමට මුල් වූ එක්සත් ජාතික පක්ෂය මෙවර මැතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බවත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා පවසයි.
නීතිය, සමාජ සාධාරණත්වය, සමානත්වය ස්ථාපිත කිරීමට වත්මන් ආණ්ඩුවට හැකි වූ බවත්, ඒ සමඟම ජනතාවට බිය-සැක නැති සමාජයක් බිහි කිරීමේ ප්‍රයත්නයට මුල් වී කටයුතු කළේ එක්සත් ජාතික පක්ෂය බවත් කී අමාත්‍යවරයා ජනතාව වෙනුවෙන් පහසුකම් රැසක් ලබාදුන් බවද ප්‍රකාශ කළේය. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම, ඉන්ධන සහනාධාරය ලබාදීම, පාසල් දරුවන් වෙනුවෙන් “සුරක්ෂා අධ්‍යාපන ක්‍රමය” හඳුන්වාදීම, අත්‍යවශ්‍ය ඖෂධ 48ක මිල ගණන් පහත හෙළීම, හදවත් සැත්කම් සඳහා නොමිලේ ‘ස්ටෙන්ට්’ ලබාදීම ආදි සේවා රැසක්ද හඳුන්වා දීමට වත්මන් රජයට හැකි වූ බවද අමාත්‍යවරයා කියා සිටියේය.
මලික් චමින්ද ධර්මවර්ධන