4දා රුසියාවේ හතරක් එති | සිළුමිණ

4දා රුසියාවේ හතරක් එති

රූපාන්ති බුලත්සිංහල

ශ්‍රී ලංකාවේ තේ රුසියාව නැවත පිළිගැනීමත් සමඟම දෙරට අතර මිත්‍ර සම්බන්ධතාව සහ වෙළෙඳ ගනුදෙනු තවත් ශක්තිමත් වූ බව තේ කොමසාරිස් ජයන්ත එදිරිසිංහ මහතා පවසයි. වර්තමානයේදී ‘සිලෝන් ටී’ රුසියාවට යන විට කන්ටේනර් පිරිසුදු කර විෂබීජ හරණය කරන ලද බව සනාථ කිරීමෙන් පසු තේ තොග අපනයනය කරන බව පැවැසූ තේ කොමසාරිස්වරයා, තේ මිල දී ගන්නා අනිත් රටවල්ද එසේ තේ මිල දී ගැනීමට අපේක්ෂා කරන්නේ නම් එම රටවලටද එම ක්‍රමයටම තේ යවන බව තේ කොමසාරිස්වරයා පැවැසුවේය.

මෙයින් ගැනුම්කරුවන් අතර විශ්වාසවන්ත භාවය සුරැකෙන බවත්, එයින් වඩාත් හොඳ නිෂ්පාදනයක් සැපයුම්කරුවන්ට සැපයීමට හැකි බවත්, කොමසාරිස්වරයා පැවැසුවේය.

 

Comments