
මෙවර මැතිවරණයේදී ඡන්දදායකයන් විසින් තමන් ජයග්‍රහණයට අපේක්ෂා කරනු ලබන පක්ෂයට පමණක් කතිරය ගසා තම කැමැත්ත පළ කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
මනාප ක්‍රමයක් නොමැති නිසා අදාළ පක්ෂය ඉදිරියෙන් පමණක් කතිරය ගැසීමෙන් අදාළ පක්ෂයේ ජය තහවුරු කර දීමට ඡන්දදායකයන්ට හැකි වන බවත් එක් කතිරයකට වඩා ලකුණු කරනු ලබන ඡන්ද පත්‍රිකා අවලංගු වන බවද ඒ මහතා කීය.