මහා යුග, පිරමීඩ, සිංහ මිනිස්සු, සූර්ය සිද්ධාන්තය | Page 6 | සිළුමිණ

මහා යුග, පිරමීඩ, සිංහ මිනිස්සු, සූර්ය සිද්ධාන්තය

 මෙය ඉතාමත් නීරස ගණනයන් ගැන විස්තරයක් සහ, උපකල්පන දෙකක් ඇති පෝස්ට් එකකි. කරුණාකර මේ පෝස්ට් එක මේ හා සබැඳුණු කරුණු ගැන ආශාවක් නැති අය බලා වෙහෙස නොවන මෙන් ඉල්ලා සිටිමි.

 

 

 

විද්‍යාත්මක සංකල්පයක මුල් අවස්ථාවේ උපකල්පන තිබීමේ වරදක් නැත. එය නවීන විද්‍යාව සමඟ සමගාමී වේ. එහෙත් එම සංකල්පය තීරණය වන සිද්ධාන්ත හරියටම සොයා ගැනීමේදී, එක්කෝ ඒ උපකල්පන සාවද්‍ය වේ. නැතහොත් සත්‍ය වේ. තවත් ආකාරයකින් කිවහොත් ඒ උපකල්පන විද්‍යාත්මක සත්‍යයන් වේ. නැතහොත් පළකට නැති හිතළු වේ.

මේ කියන උපකල්පන මොනවාදැයි ඔබ මගෙන් අසනු ඇත. ඔව්, එය පහත දැක්වේ.

පිරමීඩයේ උස 43,200 යන අගයෙන් වැඩි කළ විට, හරියටම ඒ අගය වන්නේ, ‘ධ්‍රැවයක සිට පොළවේ ඇති අරය’ මීටර් වලින් ලැබේ. පොළවේ ඇති පිරමීඩයේ පාදමේ පරිමිතිය ගතහොත් සහ එම අගය 43,200 න් වැඩි කළහොත් ඔබට, ‘පොළවේ සමකය වටා ඇති දුර’ ලැබෙනු ඇත. මේ ගැන මීට පෙර ලිපියක සාකච්ඡා විය.

මේවා හුදෙක් ගණිතමය අගයන් පමණක් වේ. කිසිම ගුප්තමය ස්වභාවයක් එහි නැත. එහෙත් ඒ අගයයන් පිරමීඩ නිර්මාණකරුවන් ගත්තේ කුමක් නිසාදැයි යන්න අදටත් රහසකි.

මේ 43,200 යන විශේෂිත අගය කුමක්ද ? අහඹු අගයක් යයි ඔබ සිතන්නේද ? මේ අගය කිසියම් දුරක් හෝ කාල නිර්ණයක් පෙන්වා තිබිය යුතුය. පිරමීඩ නිර්මාණකරුවා හෝ කරුවන් මේ දැවැන්ත ගොඩනැගීම් කලේ හේතුවක් නැතිව විය නොහැක. එසේ නම් එම පළවන උපකල්පනය මෙසේ වේ.

උපකල්පනය 1:- ‘43,200’ අගය, අපේ ලෝකයේ කාලයේ හෝ දුර සඳහා ගුණාකාරයක් විය යුතුය.

උපකල්පනය 2 :- ජ්‍යෝතිර් විද්‍යාවේ කියන කාල නියමයන් නිවැරදි බව.

මේ අගය ගැන ඔබ බටහිර හෝ ඊජිප්තුවේ සාමාන්‍යයෙන් කියවෙන තොරතුරු සොයා බැලුවහොත්, යමක් ඔබට දැන ගන්නට ලැබෙන එකක් නැත. අඩුම ගානේ, මට නම් එසේ කිසිවක් හමුවී නැත. [එහි තේරුම, මට වඩා උගත් සහ ඥානවන්ත කෙනෙක්ට එය තවමත් සොයා ගැනීමට හැකි බවය.] මා මේ 43,200 අගය, කෙටි කාලයක් සේවය කළ ඊජිප්තුවේ, කෞතුකාගාරයේ ඇති දත්ත සමඟ සැසඳීම අත හැර දැමුවෙමි.

සටහන 1:- මුලින් ලියු ලිපියේ මට වැරදීමක් වී හිතවත් ‘සරත්චන්ද්‍ර තලගල’ මහතා එය නිවැරදි කල බැව් ඔබට සමහරවිට මතක ඇත. [එම මුල් ලිපියේ ලින්ක් එක පළවන පෝස්ට් එකේ ඔබට බැලිය හැක.] එය කුමක්වත් නොව, මේ විශේෂිත අගය ‘Precession of earth’ සේ කීමය. එය ඒ මහතාට ස්තුතිවන්ත වෙමින් වැරදි බව දැන ගතිමි. කෙසේ හෝ මේ 43,200 යන ගුප්ත අගය දිගේ තොරතුරු සෙව්වෙමි.

දැන් මෙහිදී මේ කතාව නවත්වා යමක් පැහැදිළි කළ යුතුය යයි සිතේ. එනම් සූර්ය සිද්ධාන්තය යන කෘතිය අනුව ගණනය කළ යුග පිලිබඳ කාලාවර්ථයන් වේ. මෙතැන් සිට ඔබ මගෙන් මේ ගැන ප්‍රශ්ණ අසන්නේ නම්, සූර්ය සිද්ධාන්තය මෙන්ම නාසා ආයතනයේ දත්ත මුලින්ම බැලීම වටී. එවිට අපට කාලය ඉතිරි කර ගත හැක. කම්මැළි කමට, මේවා මගෙන් අහන්න එපා.!!!...සූර්ය සිද්ධාන්තය අන්තර් ජාලයෙන් ඔබට බාගත කල හැක.

සෞර ග්‍රහ මණ්ඩලය චක්‍රා වාටය හරහා වරක් ගමන් කිරීමට යන කාලය, සෞර වර්ෂ 28,800 කි. අප ග්‍රහ මණ්ඩලය පිහිටි චක්‍රා වාටය හෙවත් සූර්‍ය කක්ෂය සැතපුම් වලින් නම්, 134, 369, 280, 000,000 කි. මේ දුර ප්‍රමාණය ගෙවීම සඳහා තත්පරයකට සැතපුම් 150 ක වේගයෙන් සෞර ග්‍රහ මණ්ඩලය ගමන් කරයි. සෞර ග්‍රහ මණ්ඩලයේ මේ ගමන හේතුවෙන්, මේෂ, වෘෂභ ...මීන ලෙසින් යුග දොළොසක් ගෙවී යන බව ජ්‍යෝතිර් විද්‍යාවේ හැඳින්වේ.

සෞර ග්‍රහ මණ්ඩලය මේ එක් රාශියක සිටින කාලය රාශි යුගයක් සේ හැඳින්වේ. රාශි යුගයක කාලය අවුරුදු 2400 කි. ඒ එක රාශි යුගයක අන්තර් රාශි යුග දොළොසකි. එවිට වසර 2400, 12න් බෙදු විට ලැබෙන්නේ වර්ෂ 200 කි. ඒ අනුව මේ අන්තර් රාශි යුගයක් වර්ෂ 200 කි.

පෘතුවියේ මනුෂ්‍ය වාසය පවතින කාල සීමාව සෞර වර්ෂ 432,00, 00,000 * ක් බව සූර්ය සිද්ධාන්තයේ කියා ඇත. මේ කාල සීමාව ඇතුළත සෞර ග්‍රහ මණ්ඩලය චක්‍රාවාට තරණය කිරීම 150,000ක් කර ඇත. පෘතුවියේ මනුෂ්‍ය වාසය ඇතිවී මෙතෙක් ගෙවා ඇති කාලය සෞර වර්ෂ 197, 29, 49, 115 කි. මේ කාලය තුල චක්‍රාවාට තරණය 68, 505ක් වාරයක් වී ඇත්තේය.

ඔබ සමහරවිට ඉහත 432,00,00,000 යන අගය ඇති තැන මා තරු ලකුණක් හෙවත් * ලකුණක් දමා ඇති බව නිරීක්ෂණය කරන්නට ඇත. දැන් නැවතත්, ඉහත කී මහා පිරමීඩයේ 43,200 අගය ගැන සිත යොමු කරමු. අන්තර් ජාළයේ කිසිම තැනක මේ ගැන පැහැදිළි අදහසක් දෙන දෙයක් නැති බව කියමි. [අඩුම ගානේ, මා නම් එසේ දෙයක් නොදුටුවෙමි.]

කෙසේ හෝ මේ හා සමගාමීව ආසියානු දැනුම් සම්භාරයන් සොයා යාමේදී නිකමට සූර්ය සිද්ධාන්තය ඉහත සේ කියවා බැලුවෙමි.

එහි 3 වන පරිච්චේදයේ, 9 වන චේදයේ මෙසේ කියා ඇත. එහි තේරුම යම් අයුරකින් හෝ වෙනස් නොවන්නට ඉංග්‍රීසි භාෂාවෙන් ලියා ඇති කොටස දක්වමි.

[This part consists of thirteen stanzas, of which ten are in gitika metre. It sets forth basic definitions and important astronomical parameters and tables. It gives the definitions of the large units of time (kalpa, manu and yuga) the circular units (sign, degree and minute) and the linear units (yojana, hasta and angula). It states the number of rotations of the earth, the revolutions of the sun, the moon and the planets etc. in the period of 43,20,000 years. It gives an account of the time and place fi-om which the planets started moving at the beginning of the current yuga.]

වැරදීමක් හෝ වෙන්නට ඇති සිතු හෙයින් ඉන්දියානු මිතුරෙක්ගෙන් එය අසා බැලුවෙමි. සංස්කෘත මුල් පොතේ ඇත්තේ මෙසේය. එහි ලින්ක් එකක් දෙවන පෝස්ට් එකේ දමමි.

[Trimsat krityo yugebhanam chakram prakparilambate] රංගනාථ ගේ පරිවර්ථනය අනුව ‘Trimsat Krityo’යනු 600 වේ. මෙහි තේරුම නම්, ලෝකයේ අක්ෂයේ භ්‍රමණය වීම, 600ක් වන විට මහා යුගයක් ගත වේ යන්නය. මහා යුගයක් යනු වසර 43,20,000 කි. මහා යුගයක් පිරීම සඳහා කෘත, ත්‍රේතා , ද්වාපර, කළි සේ උප යුග හතරක් ඇත්තේය. අද අප ගත කරන්නේ කළි යුගයේය.

එහෙත් භාෂ්කරාචාර්ය සෘෂි තෙමේ , එතුමා ගේ ‘සිද්ධාන්ත ශිරෝමනී’කෘතියේ කියන්නේ ලෝකයේ අක්ෂය 1,99,669 වාරයක් කල්පයක් තුල දෝලනය වන බවය. ඒ අනුව කල්පයක් යනු වසර මිලියන 4320 කි. ‘මය’ නම් වූ අසුර ජාතික සෘෂින් වහන්සේ අවුරුදු ලක්ෂයකට මණ පෙර මෙසේ කියා ඇත. ...”මිනිසාගේ විමුක්තිය සලසනු වස්, ‘ගෞතම බුදුන් වහන්සේ’ ලොවට වඩිණු ඇත. කෙසේ හෝ ගෞතම බුදුන් වහන්සේ මේ ලෝක විෂය අචින්ත්‍ය හෙවත්, කියා තේරුම් කල නොහැකි බවත්, මේවා සෙවීමෙන් පලක් නැති බවත් වදාරා ඇත.

ඉහත කී යුග වල කාලය මෙසේ වේ.

යුගය කාලය සෞර වර්ෂ වලින් මිනිසාගේ පරමායුෂ

කෘත යුගය 17,28,000 50,000

ත්‍රේතා යුගය 12,96,000 10,000

ද්වාපර යුගය 86,4000 1000

කළි යුගය මහා යුගයේ ඉතිරිය 100

ලෝකයේ අක්ෂය භ්‍රමණය වීම සාපේක්‍ෂව ඇත්තේ කුමකටද? එය ඈත අජටාකාශයේ ඇති Zeta Piscium යන තාරකාවට සාපේක්‍ෂව වේ. ලෝකයේ වෙනත් මහාද්වීපයක ඇති පිරමීඩ වල ගණනයක්, සූර්ය සිද්ධාන්තය හා සබැඳුණු ආකාරය දැන් ඔබට පෙනේ යි සිතමි.

“පිරමීඩ සහ සූර්ය සිද්ධාන්තයේ ගණනයන් අතර සම්බන්දයක් තිබෙන්නට හැක” යන අනුමානය නම් ඇත. ඉහත කී 43,200 යනු මහා යුගයකින් 100න් එකකි. එනම් පිරමීඩ තැනූ නිර්මාණකරුවා යම්කිසි පණිවිඩයක් දෙන්නට උත්සාහ කළා යයි සිතිය හැක. එනම් මේ පිරමීඩ අවුරුදු 43,200 ක් ඈතට යන්නේය යන්නය.

සිංහ මිනිසුන් පිරමීඩ හැදුවේද ? සිංහ මිනිසුන්ට ‘සිංහළ’ යයි නම් දෙන මිනිසා කෙසේ සම්බන්ද වේද ? සූර්ය සිද්ධාන්තය නිර්මාණය කලේ සිංහළ මිනිසුන් සිටි සිංහළ දේශයේ විය.

සාරාංශය ගතහොත්; පිරමීඩයෙන් ලෝක සම්භවය සහ විනාශය පෙන්වන්නේය යන්න සිතේ. ඒ පිරමීඩ නිර්මාණ කරුවා ගණිතමය භාෂාවෙන් එය නිහඬව කියා ඇත. ඔබට එය සොයා ගත හැකි එකම ක්‍රමය බටහිර දැනුමෙන් නොව, ආසියානු දැනුමෙන් පමණි.

මෙතනින් එහාට මගේ දුර්වල මොළය ක්‍රියාත්මක නොවේ. තරුණ ඔබ කවදා හෝ මෙය තේරුම් ගනු ඇත. ඈතට සිතනු ඇත. එඩ්ගාර් කේසි මෙසේ කියා ඇත. ‘පිරමීඩ වල රහස් ඔබ දැන ගන්නවා ඇත” මෙතනින් එහාට ඒ රහස් සොයන ඔබ, මේ පිටුවේම ඒ රහස් සොයා ගන්නටද පුළුවන.

මේ පිරමීඩ වල රහස් සෙවීමට ආසියානු ගණිත ක්‍රම ප්‍රයෝජනවත් වේද යන්න ගැන සිතීම ඔබට බාරය.

ලලිත් කරුණාරත්න

Comments

පිටු