
ජලය නැතිකම නිසා පසුගිය කාලයේ යල කන්නයේ වගා නොකළ පොලොන්නරුවේ කුඹුරු අක්කර ලක්ෂයක් පමණ මොරගහකන්දේ ජලය මඟින් ඉදිරි යල කන්නයේ වගා කළ හැකි බවත්, දැන් මොරගහකන්දේ දියවර මඟින් පොලොන්නරුවේ සියලු ජලාශ පිරෙමින් ඇති බවත් රජරට ගොවි සංවිධාන නායකයෝ පවසති. මේ අනුව ඉදිරි යල කන්නයේදී මහ කන්නයේ තරම් වී අස්වැන්නක් ලැබෙනු ඇතැයිද ඔවුහු පෙන්වා දෙති.
මේ පිළිබඳව අපට කරුණු දැක්වූ ප්‍රගතිශීලී ගොවිජන සංවිධානයේ සභාපති කවුඩුල්ලේ එම්කේ ජයතිස්ස මහතා පැවසුවේ මෙතෙක් කල් යල කන්නයට වගා කළේ මහ කන්නයට වගා කරන බිම් ප්‍රමාණයෙන් 50%ක් පමණ බවයි.
මොරගහකන්දේ ජලය ලැබීමෙන් පසු පොලොන්නරුවේ පමණක් යල කන්නය කුඹුරු අක්කර ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් අලුතින් එක් කළ හැකි වනු ඇති බවත් ඔහු පවසයි. මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘතිය ප්‍රමාද වීම් නිසා රජරට ගොවි ජනතාවට ජල හිඟයෙන් පීඩා විඳින්නට සිදු වූ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ පිළිබඳ පෞද්ගලිකව උනන්දු වී මේ ව්‍යාපෘතිය මඟින් රජරටට, ජලය ලබාදීමට කටයුතු කිරීම පිළිබඳව රජරට ගොවි ජනතාවගේ කෘතඥතාව එතුමාට පිරිනමන බවත් ජයතිස්ස මහතා කීය.