තහනම් පොලිතීන් දුටුවොත් අමතන්න | Page 2 | සිළුමිණ

තහනම් පොලිතීන් දුටුවොත් අමතන්න

තහනම් ‍පොලිතීන් නිෂ්පාදකයන් හා තහනම් නොදිරන පොලිතීන් අලෙවි කරන අය පිළිබඳවත් පොලිතීන්, ප්ලාස්ටික් පුලුස්සන අය පිළිබඳවත් දැන්වීමට 0112 888999 දරන දුරකතනය දැන් විවෘතව ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පවසයි. 

රජය මඟින් පනවනු ලැබූ පොලිතීන් නිෂ්පාදන කිහිපයක තහනමට අදාළව මේ වන විට හානිදායක පොලිතීන් වෙනුවට පරිසර හිතකාමි, ජෛව හායනයට ලක් වන පොලිතීන් නිෂ්පාදනයන් වෙළෙඳපොළට හඳුන්වා දෙමින් පවතී.

මෙහිදී අදහස් දැක්වූ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා කියා සිටියේ සුපිරි වෙළෙඳසල් හා සිල්ලර කඩවල තහනම් පොලිතීන් විකුණුවාද යන්න සොයා බැලීමට අවශ්‍ය වැටලීම් තවදුරටත් සිදු කරන බවය.

දැනට වෙළෙඳසල් හා නිෂ්පාදන ආයතන 146ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් නීති විරෝධී පොලිතීන් නිෂ්පාදන විකුණු ‍වෙළෙඳ ආයතන 10කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

Comments