
පාරිභෝගික අධිකාරිය මඟින් සිදුකළ වැටලීම් වල 17% ක වර්ධනයක් සිදුවී තිබේ.2017 වසරේදී රුපියල් මිලියන 98.2 ක දඩ මුදලක් පාරිභොගික අධිකාරිය විසින් අයකරගෙන ඇති අතර එය 2016 වසරට වඩා 8.3% ක වැඩිවීමක් බවත් අධිකාරිය විසින් විශේෂ වැටලීම් විශාල ප්‍රමාණයක් පසුගිය වසර තුළදී වෙළඳපළ තුළ සිදුකර ඇති බවද අනාවරණය වෙයි.
එසේම පාරිභෝගික නීති වලට පටහැනිව කටයුතු කරන වෙළෙදුන්ට එරෙහිව වෙළඳපළ වැටලීම් 25 708ක් හා නඩු පැවරීම් 25 082 ක් සිදුකර ඇති අතර එම වැටලීම් අතර වෙළඳ පළට නිකුත් කිරීමට සූදානම් වූ ලෙමන් ටී ඇසුරුම් 31 000 ක්ද, තොරතුරු මකා දැමූ බල්බ 31 000 ක්ද මිනිස් පරිභෝජනයට නුසුදුසු මිලියන 15 ක් වටිනා සුදුළුණු තොගයක්ද, ලක්ෂ 10 බැගින් වටිනා කරවල හා එළවළු තෙල් ද අත්අඩංගුවට ගත් බව එම අධිකාරියේ ප්‍රකාශකයකු වැඩිදුරටත් සඳහන් කළේය.