අමෙ­රි­කා­වට සොබා­ද­හ­මෙන් පාඩ­මක් | Page 2 | සිළුමිණ

අමෙ­රි­කා­වට සොබා­ද­හ­මෙන් පාඩ­මක්

ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත පාඨක ජනතාවගේ ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ංගල්ස් වයිල්ඩ්ර් විසින් රචිත ලිට්ල් හවුස් කතා මාලාව ඔබට මතක ඇතැයි සිතමි. එහි එක් කතාවක් සම්පූර්ණයෙන්ම වෙන් වන්නේ ඩක‍ෙරා්ටා තැනිතලාවේදී ලෝරා ඇතුලු පවුලේ සියලුදෙනා මුහුණ දුන් අති බිහිසුණු හිම කුණාටුවක අත්දැකීම බෙදා හදා ගැනීමටය. එම කතාව පාඨකයාට අති සුන්දර වන නමුත් එයට මුහුණ දුන් ලෝරා ඇතුලු පිරිසට නම් එය අති දුෂ්කර කාලයක්ම විය.

එම කතාවේ සඳහන් අන්දමට මාස හතක් පුරා හිම කුණාටු අමෙරිකාව හරහා හමා ගිය අතර ජනතාව අහාර නොමැතිව මහත් පීඩාවට පත් වූහ. එම කුණාටු ආරම්භ වීමට පෙර ලෝරාගේ අප්පච්චී ඇතුලු නව පදිංචිකරුවන්ට අහම්බෙන් හමුවන රතුඉන්දියානුවකු පවසන්නේ අමෙරිකානු තැනිතලාවට හෙවත් ප්‍රෙයරි තණබිම්වලට සෑම වසර හතකටම වරක් මහා හිම කුණාටුවක් හමන බවත්. එමෙන් තුන්වැනි වසරේදී එනම් අවුරුදු විසි එකකට වරක් අතිශයින් ප්‍රබල දීර්ඝ හිමකුණාටුවක් හමා යන බවයි. එය මෙවර සිදු වන බව සුදු මිනිසුන්ට පවසන මහලු රතු ඉන්දියානුවා අනතුරු අඟවන්නේ දීර්ඝ හිම කුණාටුවකට සූදානම් වන බවටයි.

අතීතයේදී එසේ සොබාදහමේ රටාවන් හඳුනා ගැනීමට හැකිවුවද නාගරීකරණය ඇතුළු නොයෙකුත් සාධක හේතුවෙන් සොබාදහමේ රටාවන් කාලීනව වෙනස්කම්වලට භාජනය විය. එහෙත් සොබාදහමේ සෑම රටාවක්ම වෙනස් කිරීමට මිනිසාට නොහැකි විය.

ඒ අනුව අමෙරිකාව මේ දිනවල විසි එක්වැනි ශීත ඍතුවකට මුහුණ දී ඇතැයි සිතෙන්නේ එරට ඇතැම් ප්‍රදේශවල ජනතාව මුහුණ දී සිටින දුශ්කර කාලගුණය සම්බන්ධව සලකා බලනවිටය.

පසුගිය දෙසැම්බරයේ සිට අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකම ජනතාවට අධික හිමපතනයකට මුහුණ දීමට සිදු වූ අතර එය මේ දක්වාම අඩුවී ඇති බවක් ප්‍රකාශ වී නැත. ඒ වෙනුවට ඔවුන් මේ මුහුණ දී සිටින්නේ මහා හිම කුණාටුවකට බවත් එය සැන්ඩි නම් වූ මහා හිම කුණාටුවට පසු අමෙරිකාව හරහා හමා ගිය එකම හිම කුණාටව බවටත් එරට කාලගුණ තොරතුරු වාර්තා ඉදිරිපත් කර තිබේ.

මේ හිම කුණාටුව ඔවුන් හඳුන්වා ඇත්තේ ග්‍රේසන් හිම කුණාටුව යන නමිනි. මේ කුණෘටුවේ බලපෑම නිව්යෝර්ක්වල සිට බොස්ටන් දක්වා ප්‍රාන්තවලට ඇති වී තිබේ. තවත් මාධ්‍ය වාර්තා ඉදිරිපත් කර ඇත්තේ වසර තිහකට පසු අමෙරිකාවට ඇති වූ දරුණුතම හිම පතනය මෙය බවය.

මෙවර ඇති වූ තවත් පුදුමයක් වන්නේ අමෙරිකාවේ දකුණු සී‍මාවේ බටහිර කෙළවරේ උලක හැඩයෙන් පිහිටා ඇති, සාමාන්‍යයෙන් වියළි කාලගුණයක් පවතින ෆිලොරිඩා ප්‍රාන්තයටද හිම පතනය වීමය. සාමාන්‍යයෙන් ෆ්ලොරිඩාවට හිම පතනය නොවන බැවින් එම ප්‍රාන්ත වාසී ජනතාව හිම සහිත කාලගුණයකට කිසිදු සූදානමක් දක්වා නැත. එබැවින් හදිසියේ සිදු වූ මේ මහා හිමපතනය එම ප්‍රාන්තයේ ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය අවුලෙන් අවුලට ඇද දමා ති‍බේ. විදුලිය විසන්දි ‍වීමෙන් මේ තත්ත්වය තවත් බැරෑරුම් වී ඇතැයි වාර්තා වේ.

මාධ්‍ය වාර්තාවල සඳහන් වන පරිදි ෆ්ලොරිඩාවට ද මේ හිම පතනය වී ඇත්තේ වසර තිහකට පසුවය. අවසන් වශයෙන් ෆ්ලොරිඩාවට හිම පතනය වී ඇත්තේ 1989දීය.

ෆ්ලොරිඩා, ජෝර්ජියා, වර්ජිනියා, උතුරු කැරොලිනා යන ප්‍රාන්තවලට හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර මීට‍ දින කිහිපයකනට පෙර සුළි කුණාටුව නිව් යෝර්ක් ප්‍රාන්තය දෙසට හමා ගිය බැවින් එහි තත්ත්වයද වඩා ඛේදනීය බව ප්‍රකාශ වී තිබේ.

නිව් යෝර්කි නගරාධිපතිවරයා ජනතාවට දැනුම් දී ඇත්තේ අඟල් දොළහක පමණ හිම පතනයකට සූදානම් වන ලෙසයි.

මේ සෑම ප්‍රාන්තයකම පාසල් වසා දමා ඇති අතර නිවෙස්වලටම වී රැඳී සිටින මෙන් මහජනතාවට දැනුම් දී තිබේ. කුණාටු සුළඟ මේ ප්‍රද‍ේශ හරහා පැයට සැතපුම් 50ක වේගයෙන් හමා යන බවද වාර්තා වේ. දවත් දින කිහිපයකින් මේ ග්‍රේසන් හිම කුණාටුම දකුණු කැනඩාව දෙසට හමා යෑමට නියමිත බවද අමෙරිකානු කාලගුණ සේවා ප්‍රකාශ කර අතැයි වාර්තා වේ.

සොබා දහම වෙනස් කිරීමට ‍මිනිසා කොතරම් උත්සාහ දැරුවද සොබාදහම තමා කිසි ලෙසකින් හෝ වෙනස් නොවී මිනිසා තමාට අනුව වෙනස් කරමින් සිටින බවට මේ මහා හිම කුණාටුව ඉතා හොඳ උදාහරණයකි. 

 

Comments