
වසර 30කට පසු මෙරට ඉදි කළ විශාලතම වාරි ව්‍යාපෘතිය වන රටේ පුද්ගලයන් ලක්ෂ 15කට සෙත සලසන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය හෙට (8) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනතා අයිතියට පත් කෙරේ. උතුරුමැද, වයඹ, නැඟෙනහිර හා මධ්‍යම පළාත් සඳහා මෙමඟින් සෙත සැලසේ.
පරාක්‍රම සමුද්‍රය මෙන් සිව් ගුණයක් විශාල මොරගහකන්ද ජලාශයේ දියවර මඟින් ඉඩම් අක්කර ලක්ෂ 4ක් අස්වද්දන බවත්, රටට වසරකට රුපියල් දසලක්ෂ 5000ක ප්‍රතිලාභ ලබාදෙන බවත් මොරගහකන්ද ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු ටීබී විජේරත්න මහතා පවසයි.
හෙට උදේ මොරගහකන්ද වේල්ල මතදී මොරගහකන්ද මංගල දියවර නිකුත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු කෙරෙන අතර, පසුව එදින සවස 3ට මහවැලි ව්‍යාපාරයේ මහා ජලාශ ඉදි කිරීමේ සංවත්සරය පොල්ගොල්ල ජලාශ වේල්ල මතදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටද කටයුතු කෙරේ.
මොරගහකන්ද ජලාශයෙන් ලබාදෙන දියවර වයඹට, රජරටට, මධ්‍යම පළාතට, නැඟෙනහිරට යැවීම මඟින් පවුල් ලක්ෂ 10කට පමණ පිරිසුදු පානිය ජලය ලබාදීමටද අක්කර ලක්ෂ 4ක් අස්වැද්දීමටත් මිරිදිය මත්ස්‍ය නිපදවීමටද කටයුතු කෙරේ. මේ මඟින් මෙගා වොට් 30ක විදුලියක් නිපදවයි. ලොකු කුඩා වැව් 2000ක් පෝෂණය කරන අතර දිස්ත්‍රික්ක 6ක පුද්ගලයන් ලක්ෂ 15කට සෙත සැලසේ.