ඉස්සො පොකිරිස්සො නැඟල යයි | සිළුමිණ

ඉස්සො පොකිරිස්සො නැඟල යයි

මසුන් හා මසුන් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ලැබු ආදායම පසුගිය වසරේදී (2016) රුපියල් බිලියන 1.2 නික් ඉහළ ගොස් ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙයි. මේ ආදායම් ඉපැයීම සඳහා වැඩි වශයෙන්ම දායක වී ඇත්තේ ඉස්සන් පොකිරිස්සන් හා කකුළුවන් අපනයනයයි. මෙම වසරේ මුල් කාර්තු තුන තුළ මසුන් මෙට්‍රික් ටොන් 13932ක් අපනයනය කර ඇති අතර එහිදී ඉස්සන් මෙට්‍රින් ටොන් 1307 ක්ද,පොකිරිස්සන් මෙට්‍රික් ටොන් 83ක්ද , කකුළුවන් මෙට්‍රික් ටොන් 1671ක් ද වශයෙන් දායකත්වය ලබා දී තිබේ.

වසර 2015 දී අපනයනය කළ මසුන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 17461 ක් වන අතර වඩා 2016 දී අපනයනය කළ මසුන් තොග ප්‍රමාණය එයට වඩා අඩුවුව ද අපගේ මසුන් තත්ත්වයෙන් උසස් වීම නිසා එම තොගවලට ඉහළ මිල ගණන් නියමවී තිබේ.

විශේෂයෙන්ම යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම ද මත්ස්‍ය අපනයන ආදායම ඉහළ යාමට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති අතර එම තහනම් ඉවත්කිරීමෙන් පසු 2016 ඔක්තොබර් දක්වා ගෙවුණු තෙමස තුළ අප රට ඉපැයූ ටූනා මසුන් අපනයන ආදායම රුපියල් කෝටි 700 ඉක්මවා ඇත.

 

Comments