EPF මූල්‍ය ශක්තිය ට්‍රිලියන 02 ඉක්මවයි | සිළුමිණ

EPF මූල්‍ය ශක්තිය ට්‍රිලියන 02 ඉක්මවයි

සේවක භාරකාර අරමුදල මේ වන විට රුපියල් ට්‍රිලියන 02 ඉක්මවූ මුල්‍ය ශක්තියකින් පොහොසත්ව සිටින බව අනාවරණය වේ. මේ අරමුදල වෙනුවෙන් ක්‍රියාත්මක කරන නව මූලෝපාය හේතුවෙන් මේ සාර්ථකත්වය අත් කරගැනීමට හැකි වූ බව සඳහන් වෙයි.

සේවක භාරකාර අරමුදල පසුගිය වසර 05 ඇතුළත 13%ක වර්ධනයක් පෙන්නුම් කර තිබෙන බවත්, 2017 වර්ෂයේ සේවක භාරකාර අරමුදලේ සාමාජිකයන්ගේ ක්‍රියාකාරකම් මත මේ අරමුදල වඩාත් පොහොසත්ව තිබෙන බවත් මහ බැංකුවේ නි‍යෝජ්‍ය අධිපති කේඩී රණසිංහ මහතා පවසයි. 2018 වර්ෂයේ සේවක භාරකාර අරමුදල මූල්‍ය ශක්තියෙන් වැඩිදියුණු කිරීමට මහ බැංකු කළමනාකාරිත්වය සියලු කටයුතු සූදානම් කරමින් පවතින බවද හෙතෙම සඳහන් කළේය. 

Comments