මාළු වෙනුවෙන් යන මුදල් අඩුවෙලා එන මුදල වැඩිවෙලා | සිළුමිණ

මාළු වෙනුවෙන් යන මුදල් අඩුවෙලා එන මුදල වැඩිවෙලා

ඉකුත් වසරට සාපේක්ෂව 2017 වසරේ මත්ස්‍ය ආනයනය සියයට 23කින් අඩුවී තිබෙන බවත් දේශීය මත්ස්‍ය නිෂ්පාදනය සියයට 03කින් ඉහළ ගොස් තිබෙන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 2016 වසරේ සමස්ත මත්ස්‍ය හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ආනයනය මෙට්ට්‍රික් ටොන් 1,20,000 ක් ලෙස වාර්තා වූ නමුත් 2017 දී එය මෙ.ටො. 73,000 දක්වා අඩු වී ඇති බවත් සදහන් කළ අමාත්‍යවරයා 2016 මිරිදිය හා කරදිය මත්ස්‍යය නිෂ්පාදන ප්‍රමාණය මෙ. ටො. 3,79,000 ක් ලෙස වාර්තා වුවත් 2017 දී එය මෙ. ටො. 3,89,000 දක්වා ඉහළ ගොස් ඇති බවද මේ වසරේ නොවැම්බර් මාසය අවසන් වන විට අපේ රටේ සමස්ත මත්ස්‍යය අපනයන ආදායම සියයට 44කින් ඉහළ ගොස් ඇති බවද සදහන් කළේය. 

Comments