පොලිතින් පිලිස්සුවොත් හිරේ | සිළුමිණ

පොලිතින් පිලිස්සුවොත් හිරේ

හෙට සිට පොලිතීන් හා සිලි සිලි මලු පාවිච්චිය විකිණීම හා නිපදවීම මෙන් ම පොලිතින් පිලිස්සීමද සම්පූර්ණයෙන් තහනම් බවත් ජාතික පාරිසරික පනත හා අලුත් නීති රීති අනුව එම වැරදි කරන අයට අවුරුදු දෙකක සිර දඬුවමක් හා හෝ රුපියල් 10000ක දඩයක් නියම කළ හැකි බවත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පවසයි.

මේ අනුව හෙට සිට පොලිතින් භාවිතයට ලබාදී තිබූ සහන කාලය අවසන් වන අතර මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් ශ්‍රී ලංකා පොලිසිය සමඟ එක්ව නීතිය කඩ කරන අය ඇල්ලීමට රට පුරා වැටලීම් සිදු කිරීමට නියමිත ය.

ඒ සමඟම මෙරට දේශපාලන මැතිවරණ කටයුතු සඳහා පොලිතීන් පාවිච්චිය තහනම් කර ඇති අතර ඒ පිළිබඳව සියලු පක්ෂ ලේකම්වරු දැනුම්වත් කිරීමටද පියවර ගෙන ඇතැයි සභාපතිවරයා කීය.

මීට අමතරව තම ගෙවත්තේ වුව ද කවර ආකාරයක ප්ලාස්ටික් හා පොලිතින් නිපැයුම් එළිමහනේ පිලිස්සීමට ඉඩදීම හා පිලිස්සීමට අවසර දීම ද දඬුවම් ලැබිය හැකි වරදකි. එම නීතිය ජනවාරි පළමුවැනිදා සිට ඉතා තදින් සක්‍රීය වන බව ද සභාපති ලාල් මර්වින් ධර්මසිරි මහතා පවසයි. මේ යටතේ තම ගෙවත්තේ වුව ද පොලිතින් පිච්චුවොත් වසර දෙකක සිර දඬුවමක් නියම කිරීමට ජාතික පාරිසරික පනත අනුව බලතල ඇත. 

Comments