
වසර 2000දී රුපියල් බිලියන 69ක් වූ මෙරට රාජ්‍ය සේවක වැටුප් හා දීමනා බිල මේ වසර වන විට රුපියල් බිලියන 615ක් දක්වා 9 ගුණයකින් වැඩි වී ඇතැයි මහාභාණ්ඩාගාරය ප්‍රකාශ කරයි.
රජයේ සේවයේ නියුතු ස්ථිර සේවකයන්, තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත්‍රාත් යනාදි සෑම තරාතිරමකම සේවකයන්ගේ වැටුප් හා දීමනා සඳහා වැඩි මුදලක් දැරීමට ප්‍රධාන වශයෙන් මහා භාණ්ඩාගාරයට සිදු වූයේ, වසර 2015 මැයි මාසයේ සිට මාසිකව රුපියල් 10,000ක අන්තර්-දීමනාවක් ලබාදීම නිසාය.
ඊට අමතරව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 18/2012 අනුව ගෙවනු ලබන විශ්‍රාම වැටුපට හිමිකම් රහිත විශේෂ දීමනාවද ඊට බලපෑ බවද මහාභාණ්ඩාගාරය පවසයි. ලක්ෂ 14 ඉක්මවන රාජ්‍ය සේවකයන්ගෙන් වැඩි පිරිසක් ආරක්ෂක හමුදාවල, ගුරු වෘත්තියේ හා සෞඛ්‍ය අංශවල සේවය කරති.
රාජ්‍ය සේවක වැටුප් වැඩි වීම වසර 2015 සිට අදියර 05 යටතේ සිදු කැරෙන අතර, මහාභාණ්ඩාගාරය රාජ්‍ය නිලධාරීන් සඳහා වන උත්සව අත්තිකාරම්, විශේෂ දීමනා, මුදල්ද වැඩි කොට ඇත. ඒ අනුව රාජ්‍ය නිලධාරීන් සඳහා වන උත්සව අත්තිකාරම් ගෙවීම රුපියල් 5,000 වෙනුවට රුපියල් 10,000 ලෙස දෙගුණ කොට ඇත. එය මාසික වාරික 8කින් ආපසු ගෙවීමට හැකි වන සේ රාජ්‍ය සේවකයන්ට පහසුකම් සපයා දී තිබේ.
රාජ්‍ය සේවකයන්ගේ සුභසාධනය ඉහළ නැංවීම සඳහා අග්‍රහාර රක්ෂණ ක්‍රමයේ ප්‍රතිලාභ ඉහළ දැමීම, මේ රක්ෂණ ක්‍රමය රන් හා රිදී යෝජනා ක්‍රම ලෙස වැඩි දියුණු කිරීම, රාජ්‍ය සේවකයන් සඳහා බැංකු මඟින් අඩු පොලී අනුපාත යටතේ දේපළ හා වාහන ණය ලබාදීම, පොලියෙන් කොටසක් රජය විසින් ගෙවීම, නිල වාහන දීමනාව වැඩි කිරීම, අසනීප වී රෝහල්ගත කිරීමකදී ගෙවනු ලබන දීමනා ඉහළ දැමීම, හදිසි අනතුරකින් සිදු වන මරණයකදී ගෙවනු ලබන දීමනාවද වැඩි කොට ඇත.
රාජ්‍ය සේවක වැටුප් වසරින් වසර වැඩි කිරීමත් එමෙන්ම රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩි කිරීමටත් විවිධ පියවර ගත් බවද මහාභාණ්ඩාගාරය කියයි. ඒ අනුව රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම් හා සේවාලාභීන්ගේ අයිතිවාසිකම් විස්තර කිරීම, මහජන දිනය දා මහජනතාවගේ දුක්ගැනවිලි කන්දීම සඳහා නිලධාරියකු පත් කිරීම, මහජනතාවගේ ලිපි සඳහා පිළිතුරු ලිපි සැපැයීම, දුරකතන මඟින් ඉදිරිපත් කරනු ලබන ගැටලුවලට ප්‍රතිචාර දැක්වීමද සිදු කරනු ලැබේ. මෙයට අමතරව රජය සිදු කළ ඉතා සුවිශේෂම වෙනස නම්, තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක කිරීම යටතේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කැර දීම බැව් අවධාරණය කෙරිණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ආරක්ෂා කරදීමට පියවර ගැනීමයි. රාජ්‍ය සේවයට බඳවාගැනීම, මාරු කිරීම, උසස් කිරීම් ලබාදීම, දේශපාලන හෝ වෙනයම් බලපෑම් මත සිදු නොකරන අතර රැකියා සඳහා බඳවා ගැනීමේදී ජාතික වෘත්තිය සුදුසුකම් (NVQ) පිළිගැනීම කැපී පෙනේ. වසර 2000 දී රාජ්‍ය සේවක වැටුප් බිල රුපියල් බිලියන 69කි. රාජ්‍ය සේවක කාර්යක්ෂමතාව වැඩි කිරීමට රජය වසර 2015 සිට රු. මිලියන 15000ක් වැය කොට ඩිජිටල්කරණ ව්‍යාපෘතියක්ද හඳුන්වා දී ඇත. එය වසර 2020 වන විට මුළුමනින්ම සාර්ථකව සිදු කරනු ලැබේ.