වැඩිහිටියන්ට හොඳම රට ශ්‍රී ලංකාව | Page 2 | සිළුමිණ

වැඩිහිටියන්ට හොඳම රට ශ්‍රී ලංකාව

දකුණු ආසියාවේ වැඩිහිටි ජනගහනයට ජීවත් වීම සඳහා වඩාත්ම හිතකර රට ශ්‍රී ලංකාවයැයි ලොව පිළිගත් 'ග්ලෝබල් වොඩ්' දර්ශක වාර්තාව සඳහන් කරයි. ලෝකයේ රටවල් 96ක් සම්බන්ධව සිදු කළ මේ සමීක්ෂණයෙන් ශ්‍රී ලංකාව ලෝකයෙන් 46 වැනි ස්ථානයට පත්ව තිබේ. මෙහිදී බංග්ලාදේශය 67 වැනි ස්ථානයටත්, නේපාලය 70 ස්ථානයට හා ඉන්දියාව 71 වැනි ස්ථානයටත් පත්ව තිබේ. පාකිස්තානයට හිමි වී ඇත්තේ 92 වැනි තැනය.

මේ සමීක්ෂණයේදී රටක වයස 60ට වැඩි ජනතාවගේ ජීවන තත්ත්වය, ආදායම් සුරක්ෂිතතාව, සෞඛ්‍ය, පෞද්ගලික හැකියාවන් හා වැඩිහිටියන්ට හිතකර පරිසරයකින් යුතු වීම යන කරුණු සලකා බලා තිබේ. 

Comments