
සමෘද්ධි, පොහොර සහනය, මහපොළ, ගැබිනි මවුවරුන්ට ආහාර මල්ලක් ලබාදීම ඇතුළු සුබසාධන වැඩපිළිවෙළ 23කට ලබන වසර සඳහා රුපියල් කෝටි 13,000ක වියදමක් දැරීමට සිදු වන බව මහාභාණ්ඩාගාරය විසින් ගණන් බලා තිබේ. මේ ආකාරයට රුපියල් කෝටි දහතුන් දහසක මුදලින් වියදමක් දැරීමට සිදු වනුයේ සමෘද්ධි සහනාධාරය සඳහාය. එය රුපියල් කෝටි 4395කි. පොහොර සහනයට වැය වන මුදල රු. කෝටි 3200කි. වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා මූල්‍යාධාර ලබාදීමට රු. කෝටි 1000ක්ද බලපත්‍රලාභී මූල්‍ය සමාගම් හරහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා ලබාදෙන පොලී සහනාධාරයට රු. කෝටි 1900ක්ද වැය කරන්නට සිදු වන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ‘සිළුමිණට’ ප්‍රකාශ කළේය. පාසල් සහ උසස් අධ්‍යාපන වාර ප්‍රවේශපත්‍ර සඳහා කෝටි 500ක්, මහපොළ ශිෂ්‍යාධාර සඳහා රු. කෝටි 190ක්, කුඩා පරිමාණ තේ, රබර්, පොල්, වගාකරුවන්ට පොහොර සහනාධාරයට රු. කෝටි 150ක්, අඩුආදායම්ලාභී ආබාධිතයන් සඳහා රු. කෝටි 115ක්, ගැබිනි මවුවරුන්ට ආහාර මල්ලක් ලබාදීමට රු. කෝටි 550ක්, මාධ්‍යවේදීන් හා කලාකරුවන්ට පොලී සහනාධාර ණය යෝජනා ක්‍රමයේ පොලී ගෙවීමට රු. කෝටි 10ක්, දේශීය කිරි නිෂ්පාදනය දිරි ගැන්වීමට රු. කෝටි 90ක්, සන්නද්ධ සේවාවල නිදහස් ගමන්වාර ප්‍රවේශ පත්‍රවලට කෝටි 48ක්, ලාබ නොලබන මාර්ගවල ලංගම බස් රථවලට කෝටි 500ක් වැය කිරීමට සිදු වන බවද ඇමැතිවරයා කීය. පෙරපාසල් ළමයින්ට උදේ ආහාර ලබාදීමට රු. කෝටි 30ක්, 5 වසර ශිෂ්‍යත්වයට කෝටි 36ක්, දහම්පාසල් ගුරුවරුන්ට නිල ඇඳුම් ලබාදීමට රු. කෝටි 188ක්, දහම් පාසල් පෙළපොත් ලබාදීමට කෝටි 2ක් දහම් පාසල් ගුරුවරුන්ට දීමනා ගෙවීමට කෝටි 60 ක්, පෙර පාසල් ගුරු දීමනාවට කෝටි 1ක්, වකුගඩු රෝගීන්ට දීමනා දීමට කෝටි 129ක්, ජූලි වර්ජකයන්ට දීමනා ගෙවීමට කෝටි 06ක්ද ලබන වසර සඳහා වැය කිරීමට මහාභාණ්ඩාගාරයට සිදු වී තිබේ.