චීන මනාල මනාලියෝ 100ක් අද යුග දිවියට | සිළුමිණ

චීන මනාල මනාලියෝ 100ක් අද යුග දිවියට

ශ්‍රී ලාංකික සම්ප්‍රදායට චීන මනාල මනාලියන් 100 ක් එකම දින ලංකාවේදි යුග දිවියට පිවිසීමේ රාජකීය විවාහ මංගල්‍යය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරුන් හා සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹ නගර සභා පිටියේදි අද (17 දා) සවස 3 ට පැවැත්වෙයි.

ශ්‍රි ලංකාවේ සංචාරක කර්මාන්තයට නැවුම් අතිදැකීමක් එක්කරමින් හා ඓතිහාසික චීන ශ්‍රි ලංකා මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් සිදුකරන මෙම දැවැන්ත කාර්යභාරය සංවිධානය කරන්නේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, සංචාරක ප්‍රවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශය, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, වෝටර්ස් ඒජ් හෝටලය, චීන තානාතිපති කාර්යාලය මෙන්ම ග්‍රීන් ලීව්ස් ආයතනයයි.

මෙහි නැටුම් ගැයුම් ඇතුළු දෙරට නියෝජනය වන සංස්කෘතිකාංග රැසක් ඇතුළත් වන අතර එය සංවිධානය කරන්නේ ප්‍රවීන නර්තනාචාරීණි රැජිනි සෙල්වනායගම් මහත්මියයි. 

 

 

Comments