
පොල් පරිභෝජනය සඳහා අවශ්‍ය පොල් මද පොල් කර්මාන්තය සඳහා යොදාගැනීම අවම කිරීම උදෙසා පොල් මද ආනයනය කිරීමට තීරණයට කර ඇත. පොල් ගෙඩි ආනයනයෙන් ඇති වන අවහිරතා මඟ හරවා ගැනීමට මෙලෙස පොල් මද ආනයනය කිරීමේ ක්‍රමවේදය අනුගමනය කෙරේ.
ශ්‍රී ලංකාව සඳහා වාර්ෂිකව පොල් ගෙඩි මිලියන 3000ක් අවශ්‍ය වන අතර, ඉන් ගෙඩි මිලියන 1200ක් පොල් කර්මාන්තය වෙනුවෙනි.
දිසිඳි පොල්, පිටි කළ පොල් කිරි, පොල් ක්‍රීම් ලෙස ශ්‍රී ලංකාවේ පොල් සඳහා විදේශ වෙළෙඳපොළේ පවතින ඉල්ලුම සැපයීම සඳහා මේ පොල් මද ආනයන කිරීමේ වැඩ පිළිවෙළ සකස් කළ බවද පැවැසේ.