
ජගත් මිත්‍රත්වයේ සිය 24 වන රාජ්‍ය තාන්ත්‍රික සංචාරය සලකුණු කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා දකුණු කොරියාවේ රාජ්‍ය සංචාරයක නිරත විය. සියලූ රටවල් අතර මිත්‍රත්වය ගොඩනගා ගැනීම සහ එම මිත්‍රත්වය රටේත් ජනතාවගේත් යහපත සඳහා උපයෝගී කර ගැනීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අරමුණයි. අද ශ්‍රී ලංකාවට සැවොම සමඟ ඇත්තේ මිත්‍ර සබඳතාවකි. අද ශ්‍රී ලංකාවට රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල දී සතුරන් නැත. එමෙන්ම ප්‍රධාන බලවතුන් සමඟ පැත්තක් ගන්නේ ද නැත. නොබැඳි ප්‍රතිපත්තියක් තුළ සියලූ රාජ්‍යයන් සමඟ මිත්‍රත්වයෙන් කටයුතු කරයි. සවුදි අරාබිය ඇතුළු මැද පෙරදිග රටවල් මෙන්ම ඇමරිකාව ඇතුළු බටහිර රටවල් සමඟ ද අද ශ්‍රී ලංකාව යහපත් සබඳතා පවත්වන අතර ජනාධිපතිවරයා පසුගියදා සිදු කළ කටාර් සංචාරය ද එම නොබැඳි පිළිවෙතින් පීලි පැනීමක් නොවේ. එය අප රටේ ආර්ථික යහපතට බෙහෙවින් ඉවහල් වූ සංචාරයකි.
පසුගියදා සිදු කෙරුණු ජනාධිපතිවරයාගේ දකුණු කොරියානු රාජ්‍ය සංචාරය ද එවන් අයුරින්ම කඳවුරකට නොබෙ දී සියලූ රටවල් අතර ආර්ථික සහයෝගීතාවය ගොඩනගා ගැනීමේ සංචාරයක් ලෙස හඳුන්වාදිය හැකිය.
ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කෙරුණේ 1977 නොවැම්බර් 14 වන දිනය. 2017 නොවැම්බර් 14 වන දිනට එම සබඳතාවලට 40ක් වසරක් සපිරී ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙම සංචාරය සිදු වන්නේ ඒ හා සමගාමීවය.
පසුගිය 28 වනදා අලූයම දකුණු කොරියාවේ සෝල් නුවර ඉන්චොන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගාවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ඉතා හරසරින් යුතුව පිළිගැනීමට එරට රජය සියලූ කටයුතු සූදානම් කර තිබුණි. එරට උප විදේශ අමාත්‍යවරයා, ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රධානී ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් එම පිළිගැනීමේ අවස්ථාවට එක්ව සිටියහ.
මෙම සංචාරයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දකුණු කොරියානු ජනාධිපතිවරයාගෙන් හිමිවූ උණුසුම් සහ මිත්‍රශීලි පිළිගැනීම ද ශ්‍රී ලංකාව ලෙස අප ලබාගත් සුවිශේෂි ජයග්‍රහණයකි. සාම්ප්‍රදායිකව රාජ්‍ය නායකයෙකුට නිල සංචාරයක් සඳහා ආරාධනා ලැබුණු විට දෙරටේ රාජ්‍ය නායකයින් අතර හමුව සිදුවන්නේ නිල හමුව අතර වුවද එම සම්ප්‍රදායෙන් බැහැරව නිල හමුවට පෙර ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හමුවීමට කොරියානු ජනාධිපති මුන් ජෙයින් මහතා පැමිණියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෙරෙහි ඇති පැහැදීම මනාව සනාථ කරමිනි.
සිය රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ඇරඹීමට පෙර 28 වනදා පෙරවරුවේ සෝල් නුවර ජොග්යේසා පෞරාණික විහාරස්ථානය වැඳපුදා ගැනීමට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පුදුමයට පත් කරමින් එහි විශේෂ අමුත්තෙකු පැමිණ සිටියේය.
ඒ දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මහතායි. විහාරස්ථානයට පැමිණ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පැමිණෙන තුරු පෙර මග බලා සිටි ජනාධිපති මුන් ජෙයින් මහතා එහි දී ඉතා උණුසුම් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව පිළිගනු ලැබීය. එය රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් නොවේ. සුහද මිත්‍රශීලි පිළිගැනීමකි. එමෙන්ම දෙරට අතර මිත්‍රත්වයේ දිගු ගමනට සුබ පෙර නිමිති පළ කිරීමකි. මෙම හෘදයංගම පිළිගැනීම සහ මිත්‍රත්වය ගෞරවයෙන් පිළිගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සුවිශේෂි අවස්ථාව සිය ජීවිතයේ සදානුස්මරණීය මතක සටහනක් බව ද කියා සිටියේය.
එමෙන්ම මෙය දකුණු කොරියානු ජනාධිපතිවරයා තුළ ශ්‍රී ලංකාවත් එහි ජනතාවත් පිළිබඳ ඇති ගෞරවය සහ පැහැදීම මනාව තහවුරු කරන්නක් බව ද සඳහන් කළේය. ජනාධිපතිවරුන් දෙදෙනා පැයකට ආසන්න කාලයක් සුහද සංවාදයක නිරත වෙමින් විහාරස්ථානයේ රැ දී සිටී අතර මෙහි දී දෙරටේ නායකයින් වෙත සිය ආශිර්වාදය පළ කළ ජොග්යේසා විහාරස්ථානයේ ප්‍රධානී පූජ්‍ය Seol Jeong හිමියන් ප්‍රකාශ කළේ නිහතමානී නායකයින් දෙදෙනකු ලෙස ජනාධිපතිවරු දෙදෙනාම තම රටවල් නිසැකයෙන්ම අභිවෘද්ධිය කරා ගෙන යනු ඇති බවයි. රාජ්‍ය නායක දෙපළ අතර නිල හමුව ඉන් පසුදා එනම් 29 වනදා පෙරවරුවේ සිදු විය. සෝල් නුවර පිහිටි බ්ලූ හවුස් ජනාධිපති නිල නිවස වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එහිදීද ජනාධිපති මුන් ජෙයින් මහතාගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.
හමුදා උත්තමාචාර පිළිගන්වමින් ඉතා අභිමානවත් අයුරින් එම පිළිගැනීම සිදුවූ අතර ජනාධිපතිවරයා පැමිණෙන මග දෙපස දෙරටේ ජාතික ධජ ප්‍රදර්ශනය කරමින් අලංකාරවත් අයුරින් සරසා තිබුණේ දෙරටේ දැඩි සබඳතාවය මනාව පිළිබිඹු කරමිනි.
නායක දෙපළ අතර සුහද කතාබහකින් අනතුරුව ද්වි පාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරුණු අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙම රාජ්‍ය සංචාරයත් සමඟ දෙරට අතර මිත්‍රත්වයේ කීර්තිමත් පරිච්ඡේදයක් සටහන් කෙරෙන බව එහිදී කොරියානු ජනාධිපතිවරයා සඳහන් කළේය.
දෙරටේ සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ නායකයින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර දෙරටේ සහයෝගීතාවය ඉහළ නැංවෙන සුවිශේෂී ගිවිසුම් පහකට ද අත්සන් තැබුණි.
ආර්ථික සහයෝගීතාව පිළිබඳ ගිවිසුමකට, ආයෝජන සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට, රැකියා බලපත්‍ර ක්‍රමයට අදාළ ගිවිසුමකට මෙන්ම 2017-2019 වසරවලට අදාළව ආර්ථික සහයෝගීතා අරමුදල වෙතින් ලබාගත හැකි ණය සම්බන්ධ ගිවිසුමකට ද මෙහි දී අත්සන් තැබිණි.
දෙරට අතර සංස්කෘතික, කලා කටයුතු, අධ්‍යාපන, තරුණ හා ක්‍රීඩා කටයුතු පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබුණේ දෙරට අතර අතීතයේ සිට පවතින එම සබඳතා නැවුම් ප්‍රවේශයක් ඔස්සේ ඉදිරියට ගෙන යාමට මං පෙත් විවර කරමිනි.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් දකුණු කොරියානු ජනාධිපතිවරයා සහ එම මැතිනිය විසින් පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය 29 දා රාත්‍රියේ Blue House ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ තිබෙන සමීප සබඳතාවය පිළිබඳව මෙහි දී දීර්ඝ ලෙස අදහස් දැක්වූ දකුණු කොරියානු ජනාධිපතිවරයා දෙරටේ අභිවෘද්ධිය හා සංවර්ධනය උදෙසා වූ සහයෝගීතාවය ඉදිරියට ගෙනයාමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය. එමෙන්ම දෙරට අතර මිත්‍රත්වය සහ සහයෝගීතාව නව මානයකට රැගෙන යාමට කැපවන බවට ද නායකයින් සපථ වූහ. එපමණක් නොව දකුණු කොරියාව හා ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට 40 වසරක් සැපිරීම කේක් කපා සැමරීමට ද නායකයින් කටයුතු කළහ.
තවද ශ්‍රී ලංකාවට ආර්ථික ප්‍රතිලාභ රැසක් සැළසෙන සාකච්ඡා කිහිපයක් සඳහා ජනාධිපතිතුමා මෙම සංචාරයේ දී එක් විය.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත සිය උපහාරය පුද කරමින් සෝල් මෙට්‍රොපොලිටන් නගරයේ ගෞරවනීය පුරවැසිභාවය ද පිරිනැමුණේ එතුමා කෙරෙහි ඇති මිත්‍රශීලිත්වය තහවුරු කරමිනි. ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර ගොඩනැගුණු මෙම මිත්‍රශිලි සබඳතාවය ශ්‍රී ලංකාවට ඉදිරියේ දී ආර්ථික ප්‍රතිලාභ රැසක් උදාකර දෙනු නොඅනුමානය.
පී. ඒ. එස්. ප්‍රදීපිකා
සේයාරූ - සුදත් සිල්වා