2020දී රජයේ වාහන විදුලියෙන් පමණයි! | සිළුමිණ

2020දී රජයේ වාහන විදුලියෙන් පමණයි!

එළඹෙන 2020 වසර වන විට රජයේ සියලු රථවාහන විදුලි බලයෙන් තොර පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයකට අයත් ඉන්ධන මගින් ධාවනය කැරෙන ඒවා බවට පරිවර්තනය කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි පරිසර හා මහවැලි අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

ඒ අනුව දැනට පෙට්‍රල්, ඩීසල් වැනි පොසිල ඉන්ධන මඟින් ධාවනය කැරෙන සියලු රථවාහන රජයේ භාවිතයෙන් ඉවත් වන අතර, රජයේ වාහන සියල්ලක්ම පාහේ විදුලි බලයෙන් තොර පුනර්ජනනීය බලශක්තියෙන් ධාවන කැරෙන ක්‍රමයකට පරිවර්තනය කැරෙනුයේ පාරිසරික හිතකාමී හා වඩාත් හිතකර ප්‍රවාහන ක්‍රමයක් සඳහා මහජනතාව යොමු කිරීමට ආදර්ශයක් බවත් තවත් හෙතෙම පැවසීය. මීට අමතරව මෙරට වායුගෝලයේ ආරක්ෂිත බව සඳහා තවත් පියවරක් වශයෙන් ඉදිරියේදී කොළඹ, මහනුවර, මාතර, යාපනේ, අනුරාධපුරය, කුරුණෑගල යන නගර ආශ්‍රිතව වායු පර්යේෂක මධ්‍යස්ථාන පිහිටුවීමට නියමිත බවත් ඒ මඟින් වායු දුෂණය අවම කිරීම හා පරිසරයේ වායුගෝලයේ තත්ත්වය නිරන්තර පරීක්ෂාවට ලක් කිරීමේ යන්ත්‍රණයක් දියත් ‍කැරෙන බවත් හෙතෙම පැවසීය. 

Comments