
පසුගිය 29 වැනිදා රටට බලපෑ පීඩන අවපාතය නිසා වැඩිම හානි සිදුවී ඇත්තේ විදුලි බල මණ්ඩලයට බව වාර්තා වෙයි. ඒ අනුව විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 10කට විදුලිය නැතිවූ බව ද සුළු ව්‍යාපාර 82කට හානි සිදුවූ බව ද විදුලි බල හා බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
මේ විදුලිය බිඳ වැටීම්වලින් සියයට 60ක් පමණ දැනටම නැවත පිළිසකර කර ඇති බවත් ඉදිරි දින දෙක ඇතුළත ඉතිරි ඒවා පිළිසකර කරන බවත් ඇමැතිවරයා පවසයි.
මේ අතර පීඩන අවපාතය නිසා පුද්ගලයන් 60000ක් පීඩාවට පත්වී ඇතැයි ද සුළු ව්‍යාපාර 82කට හානි සිදුවී ඇති වූ බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. නිවාස 12000ක් හානියට පත්වී ඇති අතර ඒ සියලු දෙනාට ක්ෂණිකව රුපියල් 10000 බැගින් ලබාදුන් බවත් වියළි සහනාධාර නොඅඩුව ලබාදෙන බවත් ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ ජනරාල් ජී.එල්.එස්. සේනාධීර මහතා පවසයි. දිස්ත්‍රික් ලේකම්වරුනට මේ ආපදා කටයුතු සඳහා ජනපති නියමය අනුව ඇති තරම් මුදල් ලබාදෙන බවත් අධ්‍යක්ෂ ජනරාල් වරයා කීය. මේ අතර පීඩන අවපාතය නිසා රටේ ම ප්‍රධාන මාර්ග හා අතුරු මාර්ග දහස් ගණනක් අවහිර වී තිබුණු බවත් ඒ සියල්ල දැන් පිරිසුදු කර ඇති බවත් ඔහු කීය.