
දකුණු කොරියාවේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මහතා අතර නිල හමුවීම සිදුවීමට පෙර, කොරියානු ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අනපේක්ෂිතව එමෙන්ම උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
ඒ, සෝල් නුවර පිහිටි පුරාණ බෞද්ධ විහාරස්ථානයක් වන ජොග්සේයා විහාරස්ථානය වැඳපුදා ගන්නට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පැමිණි අවස්ථාවේදීය. එසේ පිළිගැනීමෙන් අනතුරුව කොරියානු ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විහාරස්ථානය වෙත කැඳවාගෙන යන අයුරු මෙහි දැක්වේ. සේයාරුව - සුදත් සිල්වා