
2017 නොවැම්බර් 5 වැනිදා සිළුමිණ පුවත්පතේ පළවූ ‘ඩාලිං ටොෆි කාලා උසස් බාලිකාවන් වැටිලා’ යන ලිපිය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් නීතිඥ කේ.ඒ.පී. රාජකරුණා මහතා සිළුමිණ කර්තෘතුමා වෙත එවා ඇත. ඒ ලිපිය අපි එලෙසින් ම පළකරමු.
වර්ෂ 2017 ක් වූ නොවැම්බර් 05 වැනිදා ඉරිදා ‘සිළුමිණ’ පත්‍රයේ “ඩාලිං ‘ටොෆි’ කාලා උසස් බාලිකාවන් වැටිලා” යන පාඨය යටතේ පළ කළ ලිපියේ සාවද්‍ය කරුණු අඩංගුය.
මෙම ලිපියේ අග භාගයේ දී මෙලෙස ද සඳහන් වේ.
අගතියට පත් දරුවන්ගේ දෙමාපිය සංගමය වෙනුවෙන් පෙනී සිටින ඊ.ඒ.පී. රාජකරුණා මහතා මෙසේ කීය.
”ස්වාමීනි, දරුවන් දෙදෙනෙක් ටොෆි කාලා කළුබෝවිල රෝහලට ඇතුළත් කර සිටියා. ටොෆි කෑමෙන් පසුව ඔවුන්ට කලන්තය හැදී තිබුණා. දරුවන් ඉෙගනුම ලබන විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනිය මේ ගැන පොලිසියට ප්‍රකාශයක් දීලා තිබුණා. නමුත් පොලීසිය නිසි පරිදි ක්‍රියාත්මක වෙලා නෑ.
“පොලීසියේ සටහන් කර තිබූ සටහන ටිපෙක්ස් කැර මකා දමලා සිද්ධිය ගැන පොලීසිය නිසි පරිදි කටයුතු කර නෑ, නීතිඥ රාජකරුණා උසාවියේ කීය.
ඉහත මෙම ප්‍රකාශයේ සඳහන් වන
“පොලීසියේ සටහන් කර තිබූ සටහන ටිපෙක්ස් කර මකා දමලා” නීතිඥ රාජකරුණා මහතා කීය. යන සටහන සාවද්‍යය ය, නීතිඥ කේ.ඒ.පී. රාජකරුණා වන මම ටිපෙක්ස් කිරීමක් ගැන අධිකරණය අමතා 2017.10.19 දින ප්‍රකාශ කළේ ඉහත මෙපරිද්දෙන් නොව පහත දක්වා ඇති ලෙස ය.
මා එදින ගරු අධිකරණයට ප්‍රකාශ කර සිටියේ පොලිස් නඩු ලියාපදිංචි කරන පොත එනම් BR පොතේ අදාළ සටහන ටිපෙක්ස් කර ඒ මත සටහන් තබා ඇති බවයි. මා කිසිදු විටෙක පොලිස් පැමිණිලි පොත ටිපෙක්ස් කළ බවක් ප්‍රකාශ නොකෙළෙමි.
ඉහත සඳහන් මා කළා යැයි කියනු (ලියනු) ලබන ප්‍රකාශය සඳහන් කරන, ලිපිකරු එම සටහනත් එක්කම ඉන්පසුව මෙසේ ද සඳහන් කරයි.
“එම කරුණු ගැන අවධානය යොමු කළ අධිකරණය මේ සිද්ධිය ගැන ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිට දැන්විය යුතු බවට නියෝග කළේ ය. පසුව මේ නඩුව නැවතත් ඔක්තෝබර් 31 දා කැඳවිණි. මේ පිළිබඳව වැඩිමනක් තොරතුරු සොයා ගැනීමට අප ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන අතුකෝරළ මහතා සම්බන්ධ කර ගතිමු.
“අපි ටොෆි වර්ගය රස පරීක්ෂක වෙත යැව්වා. අවශ්‍ය කටයුතු හරි විදියට සිදු කරලා තියෙනවා. ඒ නීතිඥ මහතා මෙවර (31 දා) උසාවි වාරයේදී එම ‘ටිපෙක්ස්’ ගා සටහන් මැකූ කතාව ඉල්ලා අස්කරගන සමාව ඉල්ලා තිබෙනවා. මත්ද්‍රව්‍ය වැරදි වලට නීතිය බරපතළ ලෙස ක්‍රියාත්මක වනවා. වැරදි කරලා කෙනෙකුට බේරෙන්න බෑ. මේ පිළිබඳව විමර්ෂණ කටයුතු සිදුවුණා. නීතිය ඉදිරියේ නඩුව විභාග වන නිසා වැඩිමනත් කරුණු කියන්න අපට බෑ” ඒ මහතා කීය.
ඉහත කී මෙම විස්තරයෙන් එක් දෙයක් පැහැදිලියි. එනම් මෙම ලිපිකරු අදාළ දිනයේදී එනම් 2017.10.31 වන දිනයේදී මෙම නඩුව විභාග වන විට උසාවියේ නොසිටි බව ය. එම හේතුව නිසා දෝ ලිපිකරු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සම්බන්ධ කර ගත් බව කියයි.
පොලිස් අධිකාරි පහත සඳහන් දේ කී බව ලිපිකරු සඳහන් කරයි. එනම්:
“ඒ නීතිඥ මහතා මෙවර (31 දා) උසාවි වාරයේදී එම ‘ටිපෙක්ස්’ ගා සටහන් මැකූ කතාව ඉල්ලා අස්කරගෙන සමාව ඉල්ලා තිබෙනවා.”
ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මෙසේ කීවා යැයි, ලිපිකරු කරන සඳහන් කිරීම සාවද්‍යය ය. මෙසේ කරනු ලැබුවායි කියනු ලබන ප්‍රකාශය වැරදි සහගත වන්නේ, එදින එනම් 2017.10.31 ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදුවූ කාර්ය සටහන්, ගල්කිස්ස මහේස්ත්‍රාත් උසාවියේ රෙජිස්ට්‍රාර් විසින් සහතික කරනු ලදුව ප්‍රකාශයට පත් කරන ලද සටහන් පිරික්සීමෙනි. (එම කාර්ය සටහන් පිටපතක් මේ සමඟ අමුණා ඇත) එහි මෙසේ ද සඳහන් වේ.
“පෙර දින සටහන් අනුව පොලිස් තොරතුරු පොත් වෙනස් කර ඇති බැව් සඳහන් වන නමුත් එය පොලිස් නඩු ලියාපදිංචි පොත ලෙස නිවැරැදි කරන ලෙස දන්වා සිටී. පොලිස් තොරතුරු පොත්වල වෙනස් කිරීමක් නොමැති බැව් අගතියට පත් අයගේ නී. මහතා දන්වා සිටී. ඒ අනුව එම සටහන් නිවැරැදි කරමි.”
මෙම සටහන ගරු මහේස්ත්‍රාත් තුමා විසින් ම කරන ලද්දෙකි.
පෙර දින ලෙස මහේස්ත්‍රාත් තුමා සඳහන් කරන්නේ 2017.10.19 වැනි දින කාර්ය සටහන් වේ.
19.10.2017 දින කාර්ය සටහන්වල පොලිස් පැමිණිලි පොත ටිපෙක්ස් කර ඇතැයි අගතියට පත් නීතිඥයා එනම් මා සඳහන් කරේ යැයි උපකල්පනය වේ නම් එම සටහන වැරදි බව 31.10.2017 දින කරුණු දැක්වූ මා තවදුරටත් කියා සිටියේ පොලිස් නඩු ලියාපදිංචි කරන පොතේ එවැනි ටිපෙක්ස් වීමක් සිදුවී ඇති බවත් එවැනි ටිපෙක්ස් වීමක් පොලිස් පැමිණිලි පොතේ සිදුවූ බවක් සඳහන් නොකළ බවත් පවසා 19.10.2017 කාර්ය සටහන් නිවැරැදි කරන ලෙස ගරු මහේස්ත්‍රාත්තුමාගෙන් මා ඉල්ලා සිටීමෙන් අනතුරුව ඉහත 31.10.2017 කාර්ය සටහන් නිවැරැදි කරන ලෙස ගරු මහේස්ත්‍රාත්තුමාගෙන් මා ඉල්ලා සිටීමෙන් අනතුරුව ඉහත 31.10.2017 දින, ඉහත දක්වා ඇති සටහන ගරු මහේස්ත්‍රාත්තුමා විසින් සඳහන් කර ඇත.
එබැවින් ඉහත සඳහන් පරිදි, පොලිස් අධිකාරි කීවා යැයි වාර්තා කරන,
“ඒ නීතිඥ මහතා මෙවර (31 දා) උසාවි වාරයේදී සටහන මැකූ කතාව ඉල්ලා අස්කර ගන සමාව ඉල්ලා තිබෙනවා” යැයි කීම සාවද්‍ය වේ.
මා 31.10.2017 දින ප්‍රකාශ කර සිටියේ ටිපෙක්ස් වීමක් සිදු නොවූවා යැයි කීම නොව ටිපෙක්ස් කිරීමක් සිදුවූ බවත් එය එසේ සිදුවූයේ පොලිස් පැමිණිලි පොතේ නොව නඩු ලියාපදිංචි කිරීමේ පොතෙහි බව ය.
මෙය ගරු මහේස්ත්‍රාත් තුමා විසින් 31.10.2017 කරන ලද නිවැරැදි කිරීමෙන් මනාව පැහැදිලිවේ.
කේ. ඒ. පී. රාජකරුණා