
රථ වාහන තදබදය නිසා දිනකට රුපියල් බිලියනයක ජාතික ධනය අපතේ යන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මේ නිසා රටේ ආර්ථිකයට විශාල හානියක් සිදු වන බව පෙන්වා දුන් ඇමැතිවරයා මේ රථවාහන තදබදයට කඩිනමින් විසඳුමක් ලබා දිය යුතු බවත්, ඒ සඳහා හොඳම විසඳුම නගරාසන්නව සැහැල්ලු දුම්රිය සේවාවන් ආරම්භ කිරීම බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.
කොළඹ නගරය හා අවට කලාපයට සැහැල්ලු දුම්රිය සේවාවක් ඇරැඹීමට කටයුතු කළේ ඒ අනුව බවත් කී ඇමැතිවරයා ඉන්ධන සඳහා ජාතික ධනය විශාල වශයෙන් විදේශයන්ට ඇදී යන්නේයැයිද එම ඉන්ධනවලින් සැලකිය යුතු ප්‍රමාණයක් නිරපරාදේ විනාශ වීම කණගාටුවට කරුණකැයිද පැවසීය.