මහවැලි ජලාශ රකින්න ඉලෙක්ට්‍රෝනික පද්ධතියක් | සිළුමිණ

මහවැලි ජලාශ රකින්න ඉලෙක්ට්‍රෝනික පද්ධතියක්

මහවැලි මහ වේලි සුරැකීමට ගංවතුර හා වේලි පාලන පද්ධතියකින් සමන්විත නව ඉලෙක්ට්‍රොනික ආරක්ෂණ පද්ධතියක් හා නව ආපදා සන්නිවේදන ක්‍රමවේදයක් දැන් සකස් කර ඇතැයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ප්‍රධාන වේලි හා ජලාශ පිළිබඳ අධ්‍යක්ෂ එස්. ආර්. කේ. අරුප්පොළ මහතා පවසයි. පොල්ගොල්ල ජලාශය ආශ්‍රිතව ඉදිකරන නව ගංවතුර හා වේලි පාලන ඉලෙක්ට්‍රොනික පද්ධතියට වේලි ආරක්ෂණ හා ජල සම්පත් සැලසුම් කරන ව්‍යාපෘතිය මඟින් රුපියල් ලක්ෂ 2000 ක් මුල්‍ය ආධාර ලබාදී තිබේ.

වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ, පොල්ගොල්ල, කොත්මලේ, මහනුවර, මාදුරුඔය, බෝවතැන්න වැනි වේලි සුරැකීමට මේ මඟින් කටයුතු කරන බවත් අරුප්පොළ මහතා පවසයි.

ඒ අනුව ඉහත ජලාශවල තිබෙන ජල මට්ටම, නිපදවන විදුලිය ප්‍රමාණය, ප්‍රදේශයට ලැබෙන වර්ෂාපතනය, ගේට්ටුවල තත්ත්වය, ජලයෙන් වේල්ලට ලැබෙන පීඩනය, වේල්ලේ කාන්දුවීම් පිපිරීම්, පහළ ජලාශවල ජල ධාරිතාව ආදිය හා වේල්ලේ ක්‍රියාකාරිත්වය පිළිබඳ දත්ත ඉලෙක්ට්‍රොනික පද්ධතියක් මඟින් ලබාගෙන පොල්ගොල්ලේ ප්‍රධාන මධ්‍යස්ථානයට යොමු කරනු ලැබේ. 

 

Comments