බරපතළ අපරාධ 33%කින් අඩු වෙලා | සිළුමිණ

බරපතළ අපරාධ 33%කින් අඩු වෙලා

 රටේ සිදු වන බරපතළ අපරාධ සංඛ්‍යාව 33%කින් අඩු කරගැනීමට හැකි වී ඇතැයි නීතිය හා සාමය පිළිබඳ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි. එමෙන්ම මේ අපරාධ විසඳීමේ ප්‍රතිශතයද මේ වන විට 70ක් දක්වා වර්ධනය කරගැනීමට හැකි වී ඇතැයිද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

රටේ සාමය ආරක්ෂා කිරීම පිණිස තැන් තැන්වල හිස ඔසවමින් පවතින සංවිධානාත්මක අපරාධ රැල්ල මැඬ පැවැත්වීමට කටයුතු කරමින් පවතින බව පෙන්වා දුන් ඇමැතිවරයා පාතාලය ඇතුළු සියලු සංවිධානාත්මක අපරාධ රැල්ල මැඬලිය හැක්කේ සංවිධානාත්මක ලෙසින්ම කටයුතු කිරීමෙන්ම බවත් කීය.

පාතාලය විසින් රටේ සිදු කරනු ලබන සංවිධානාත්මක අපරාධ රැල්ල අනිවාර්යෙන්ම නවතාලීමට තමන් විසින් කටයුතු කරන බවත් පාතාල නායකයන්ගෙන් එක් අයකු හැර සෙසු පිරිස රටින් පලා ගොස් ඇතැයිද ඔවුන් සිටින ස්ථාන පිළිබඳව වාර්තා වී ඇති හෙයින් නුදුරේදීම ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ලබන බවද ඇමැතිවරයා කීය. 

Comments