
දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) ධුරයට විජය සමරසිංහ මහතා පත් කර ඇත. දුම්රිය දෙපාර්තමේන්තුවේ වසර 35ක පමණ සේවා කාලයක් සපුරා ඇති ඒ මහතා දුම්රිය ගමනාගමන අධිකාරිවරයා ලෙස කටයුතු කළ අතර ඊට පෙර දුම්රිය වාණිජ අධිකාරිවරයා ලෙසද කටයුතු කෙළේය.
කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇති ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන අතර පශ්චාත් උපාධියද හිමි කරගෙන ඇත.දුම්රිය මඟී පැමිණිලි සම්බන්ධයෙන් ක්ෂණික අවධානය යොමු කරන නිලධාරියකු ලෙස ප්‍රකට ඒ මහතා මාධ්‍යවේදීන්ටද ක්ෂණයකින් අවශ්‍ය තොරතුරු ලබා දීමට දැඩි කැපවීමකින් කටයුතු කරනු ලබන අයෙකි.