ඡන්දය කල් නොදමන ලෙස අධිකරණයෙන් ඉල්ලනවා | සිළුමිණ

ඡන්දය කල් නොදමන ලෙස අධිකරණයෙන් ඉල්ලනවා

එළඹෙන මැතිවරණය කල් දැමීමේ කිසිදු අවශ්‍යතාවයක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට නොමැති බවත්, මේ සම්බන්ධයෙන් වූ නඩුව විභාගයට ගැනෙන එළඹෙන 22 දා ඡන්දය කිසිසේත් කල් නොදමන ලෙස අධිකරණයෙන් ඉල්ලීමට තම පක්ෂය බලාපොරොත්තු වන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය. ඡන්දය කල්දැමීම ගැන මතුවූ කතාබහට පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින් ඔහු එසේ සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා සඳහන් කළේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පක්ෂයක් ලෙස ඡන්දය කල්දැමීමේ අරමුණින් කටයුතු නොකළ බවත් යම් යම් අයගේ පුද්ගලික එපාකම් මත මෙවන් දේ සිදුවී ඇති බවත් ය. 

Comments