කෝච්චි පාරේ ගිහින් මාස 10ට 151ක් බිලි | සිළුමිණ

කෝච්චි පාරේ ගිහින් මාස 10ට 151ක් බිලි

 මේ වසරේ මුල් මාස 10 තුළ දුම්රිය මාර්ගයේ අනවසරයෙන් ගමන් කිරීම හේතුවෙන් සහ දුම්රිය හරස් මාර්ගවලින් අනාරක්ෂිතව ගමන් කිරීමෙන් අනතුරු 342ක් සිදුව ඇති අතර, එයින් 151 දෙනකු මිය ගොස්, 191 දෙනකු තුවාල ලබා ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. එයින් 24 දෙනකු මිය ගොස් ඇත්තේ සෙල්ෆි ඡායාරූප  ගැනීමට යෑමෙන් බවද අමාත්‍යාංශය හෙළි කරයි.

එසේම දුම්රිය හරස් මාර්ගවලදී වාහන 61ක් දුම්රියේ ගැටීමෙන් අනතුරු සිදුව ඇති අතර, දුම්රිය හරස් මාර්ග ගේට්ටුවල ගැටීම් නිසා අනතුරු 348ක් වාර්තා වී තිබේ. 

Comments