7 වන ලෝක බෞද්ධ සමුළුව 2 දා ඇරඹේ | සිළුමිණ

7 වන ලෝක බෞද්ධ සමුළුව 2 දා ඇරඹේ

 සාමය සඳහා බුදුදහම” යන තේමාව යටතේ ලෝක බෞද්ධ සම්මේලනය මඟින් මෙහෙයවන සත්වන බෞද්ධ සමුළුව නොවැ: 02 දින සිට 5 වන දින දක්වා අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රටවල් 46 බෞද්ධ නියෝජිතයන්, රාජ්‍ය නායකයන් රැසකගේ සහභාගීත්වයෙන් පැ‍වැත්වේ.

මෙහි සමාරම්භක උත්සවය නොවැ: 02 උදෑසන 9 ට අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙන අතර සම ුළුවේ ප්‍රධාන සාකච්ඡාවන් 03, 04,දෙදින අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙන අතර සමුළුවේ සමාප්තිය - නොවැම්බර් මස 05 වන දින සවස අරලියගහ මන්දිරයේ දී පැවැත්වේ.මීට සමගාමීව පැවැත්වෙන සංස්කෘතික උලෙළ 05 වන දින සවස 5.30 ට නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වේ.

මෙම සමුළුවේදී බුදු දහමේ චිරස්ථිතියට එල්ල වන අභියෝග ඒවා මඟ හැරීමට කළ යුතු පිළියම් කථිකා කර අවසානයේ කොළඹ ප්‍රකාශනයක් ලෙස එළි දැක්වීමට නියමිතය.

Comments