වෙරළ ආරක්ෂාවට ඕස්ට්‍රේලියාවේ සහාය | සිළුමිණ

වෙරළ ආරක්ෂාවට ඕස්ට්‍රේලියාවේ සහාය

ශ්‍රී ලංකාවේ වෙරළාරක්ෂාව වඩාත් විධිමත්ව පවත්වා ගැනීමට ඕස්ට්‍රේලියානු රජයේ සහයෝගය ලබා දීමට එම රජය පොරොන්දු වී ඇත. ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා පසුගියදා සිදු කළ ශ්‍රී ලංකා නිල සංචාරයත් සමඟ මේ සම්බන්ධයෙන් දෙරට අතර වැදගත් තීන්දු-තීරණ රැසක් ගෙන තිබේ. මේ වන විටත් ඕස්ට්‍රේලියිනු රජයෙන් ශ්‍රී ලංකාවේ වෙරළාරක්ෂක කටයුතු සඳහා විශාල සහායක් ලැබෙන අතර, ඉදිරියේදී මෙරට වෙරළාරක්ෂක කටයුතු වෙනුවෙන් ඉතා වේගයෙන් ගමන් කළ හැකි stab i craft වර්ගයේ මුර යාත්‍රා 3ක් ලබා දීමටත් එරට එකඟත්වය පළ කර ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයක් පිහිටුවීමට හා එහි පරිපාලනය හා විෂය නිර්දේශ සම්පාදනය කිරීමට ඕස්ට්‍රේලියානු ජ්‍යේෂ්ඨ හමුදා නිලධාරියකු මෙහි එවීමටත් ඕස්ට්‍රේලියානු අගමැතිවරයා මෙහිදී පොරොන්දු වී ඇත.

 

Comments