
වර්තමාන ජන සමාජයේ බොහෝ පුද්ගලයින් මරණයට පත් වන්නේ හෘද රෝගවලිනි. එලෙස සිදු වන්නේ කාර්යබහුල ජීවිතයකට නිසි ලෙස හැඩ ගැසීමට නොහැකි වීම නිසා ය. එලෙස සෞඛ්‍යමත් ජීවන රටාවකට අනුගත වීමට නොහැකි වන මිනිසුන් නොදැනුවත්වම ක්‍රමවත් ආහාරරටාවන්ට මෙන් ම පුරුදුවලට යොමු නොවීමෙන් අකාලේ ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවේ. බටහිර වෛද්‍යවරුන් තම පර්යේෂණ මඟින් සනාථ කළ හෘද රෝගීන් සඳහා සුදුසු ආහාර වර්ග කිහිපයක් පහත දැක්වේ.
ඕට්ස්
ඔමේගා 3,ෆෝලේට්,පොටෑසියම් යනාදී පෝෂණ සංඝටක ඕට්ස්වල අන්තර්ගත වී ඇති නිසා හෘදයාබාධ රෝගීන් සඳහා වඩාත් ගුණදායක ධාන්‍යක් වේ.එමෙන් ම මෙහි අන්තර්ගත තන්තුමය ස්වභාවය හේතුවෙන් මිනිස් සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම මනාව පාලනය කරනු ලබයි. විදෙස් ව්‍යෛද්‍යවරුන් හෘද රෝගීන්ට ඕට්ස් උදෑසන ආහාරයක් සඳහා වඩාත් සුදුසු වන බව පෙන්වා දී තිබේ.
සැමන්
ඹ්මේගා 3 පෝෂණ සංඝටකය අන්තර්ගත වීම හේතුවෙන් මිනිසාගේ අධික රුධිර පීඩනය මනාව පවත්වා ගැනීමට පුළුවන.අනෙකුත් මත්ස්‍ය වර්ගවලට සාපේක්ෂව සැමන් හෘදරෝගීන් සඳහා ගුණායක වන්නේ එනිසා ය.the author of Lower Your Blood Pressure In Eight Weeks නමැති කෘතියේ කතුවර,හෘද රෝග විගේශඥ ස්ටෙෆාන් පෙන්වා දී ඇත්තේ සැමන්වල අන්තර්ගත ඇන්ටිඔක්සයිඩ් මඟින් හෘඳ රෝග හට ගැනීමේ අවධානම අඩු වන බව ය.
නිවිති
පළා වර්ග අතරින් නිවිති හෘද රෝගීන් සඳහා වඩාත් ගුණදායක වේ.මෙහි අඩංගු වී තිබෙන ෆෝලේට්,පොටෑසියම්,ෆයිබර් පෝෂණ සංඝටක හේතුවෙන් හෘද රෝග වැළදීමේ අවධානම අඩු කර ගත හැකි ය.නිවිති ප්‍රධාන ආහාර වේල් සඳහා භාවිතා කළ පුද්ගලයින් 15,000 කට පසුගිය වසර 12 ඇතුළත දී හෘද රෝග අවධානම අඩු වී ඇති බව බටහිර වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදු කළ පරීක්ෂණයකින් හෙළි වී තිබේ.
ඔලිව් තෙල්
ඔලිව් තෙල් මඟින් LDL කොළෙස්ටරෝල් මට්ටම පාලනය වේ. විදෙස් රටවල් හතකදී සිදු කළ පරීක්ෂණ මඟින් හෘදයාබාධ හට ගන්නා රෝගීන් සඳහා තෙල් වර්ගයක් ලෙස ඔලිව් තෙල් නම් කර ඇත.හෘද රෝග ඇති වීමේ අවධානමෙන් මිදීම සඳහා අනෙකුත් තෙල්වර්ගවලට වෙනුවට ඔලිව් තෙල් භාවිතයට ගැනීම වඩාත් සුදුසු වේ.
සෝයා
සෝයා බීජවල අන්තර්ගත ප්‍රෝටීන සහ සෝඩියම් හේතුවෙන් හෘදයාබාධ වැළදීමේ අවධානම අඩු කර ගත හැක. සෝයාවලින් සකස් කරන ලද ආහාර වර්ගයන් ද හෘද රෝගීන්ට තම ප්‍රධාන ආහාර වේල් සඳහා භාවිතයට ගැනීමට පුළුවන. විශේෂයෙන් ටෝෆු, සහ සෝයා කිරිවලින් හෘද රෝගවලට ගොදුරු වීමේ අවදානමෙන් මිඳිමට හැකි බව බටහිර වෛද්‍යවරුන් තම පර්යේෂණ මඟින් අනාවරණය කර ඇත.
අන්තර්ජාලය ඇසුරිණි.
මදාරා මුදලිගේ