
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය එළඹෙන බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිකුත් කරන බව පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා පවසයි.
පළාත් පාලන මැතිවරණයට අදාළ ගැසට් නිවේදනයේ ඇතැම් විකෘතිසහගත වගන්ති නීතිපති උපදෙස් හා මැතිවරණ කොමිසමේ නිර්දේශ මත මේ වන විට වෙනස් කරමින් සිටින බවත්, ඉලක්ක කරගත් ආකාරයට එළඹෙන ජනවාරි මාසයේ මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත් ඔහු පවසයි.