තේ පැළ ලක්ෂ 25ක් | සිළුමිණ

තේ පැළ ලක්ෂ 25ක්

ප්‍රමිතියෙන් යුත් තේ පැළ නිෂ්පාදනය නොවීම විශාල ගැටලුවක් බව තේ සංවර්ධන අධිකාරියේ සභාපති විපේරත්න දෙවොගෙදර මහතා පවසයි. මේ නිසා තේ වගාකරුවන් අපහසුවට පත් වන බව පැවැසූ සභාපති‍වරයා මේ වෙනුවෙන් දැනටමත් තේ පැළ ලක්ෂ 12ක් නිෂ්පාදනය කරන බව පැවැසුවේය. 2018 වර්ෂයේ එය ලක්ෂ 25ක් දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරන බව ද සභාපතිවරයා පැවැසුවේය.

නිසි ප්‍රමිතියක් නැති තේ පැළ ක්ෂේත්‍රයට මුදාහැරීමෙන් තේ වගාවෙන් වැඩි අස්වැන්නක් ගැනීමට නොහැකි බව පැවැසූ සභාපතිවරයා, බොහෝ තේ වගාකරුවන් වෙළෙඳපොළේ ඇති බාල වර්ගයේ තේ පැළ මිල දී ගැනීම නිසා තේ වගාව මෙවැනි ගැටලුවට මුහුණ පා ඇති බවද පැවැසුවේය. 

Comments