
කොළඹ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කටයුතු විමධ්‍යගත කර, ජාතික හැඳුනුම්පත් ලබා දීම ඉදිරියේදී දිස්ත්‍රික් මට්ටමින් සිදු කිරීමට කටයුතු යොදන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. එක් දින සේවා යටතේ හැඳුනුම්පත් ලබාගැනීමේදී කොළඹට නොපැමිණ අදාළ දිසාපති කාර්යාලයෙන් ලබාගැනීමට පහසුකම් සපයනු ලබන බවද ඇමැතිවරයා කීය.
මේ සම්බන්ධව අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා සමඟද මේ වන විට සාකච්ඡා කර ඇති බවද ඒ මහතා කීය. දිවයින පුරා ලක්ෂ 10කට අධික පිරිසකට හැඳුනුම්පත් නැති බව හෙළිව ඇතැයි කී ඇමැතිවරයා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් 80000ක් හැඳුනුම්පත් නැති පුද්ගලයන් සිටින බවත් පෙන්වා දුන්නේය. දිස්ත්‍රික් මට්ටමෙන් නොව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් හැඳුනුම්පත් නිකුත් කළ යුතු බව පෙන්වා දුන් ඒ මහතා ඉදිරියේදී ඒ සඳහාද අවශ්‍ය පසුබිමද සකස් කිරීමට කටයුතු යොදන බව කීය.