
වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා නාවික හමුදාවේ 22 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත් කොට ඇත.
අනුරාධපුර ශාන්ත ජෝෂප් විද්‍යාලයේත් අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේත් දීප්තිමත් ශිෂ්‍යයෙකු වූ මොහු 1982 නොවැම්බර් මස 15 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්ව ඇති අතර, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් ලත් මුලික නාවික පුහුණුව අවසානයේදී 11 වන බඳවා ගැනීමට අයත් විශිෂ්ඨතම ශිෂ්‍ය භට නිලධාරියා ලෙස නාවික හමුදා සේවයට එක්විය. අනතුරුව බ්‍රිතාන්‍යයේ ඩාර්ත්මත් හි පිහිටි රාජකීය නාවික හමුදා විද්‍යාපීඨය වෙත ඇතුළත් වීමට වරම් හිමි කර ගන්නා ලදී.
හිටපු නාවික හමුදාධිපති, අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා විසින් නව නාවික හමුදාධිපතිතුමන් වෙත සම්ප්‍රදායානුකූලව නාවික හමුදාධිපතිගේ අසිපත පිරිනැමීම සහ රාජකාරී භාර දීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි. මෙයට සමගාමීව නව නාවික හමුදාධිපතිතුමන් වෙත නාවික හමුදා විශේෂ සම්මාන ආචාර මුරයක් මගින් ආචාරය පිරිනැමීම ද සිදු කෙරිණි.
තාරක වික්‍රමසේකර