අන්තර් මෝසම් වැසි සමය ඇරැඹේ අකුණු අනතුරු - ගංවතුර බහුල වෙයි | සිළුමිණ

අන්තර් මෝසම් වැසි සමය ඇරැඹේ අකුණු අනතුරු - ගංවතුර බහුල වෙයි

අන්තර් මෝසම් වැසි සමය දැන් ආරම්භ වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ප්‍රවර්ධන) අතුල කරුණානායක මහතා පවසයි.

මේ අනුව මේ දිනවල සවස 4 න් පසුව රාත්‍රි 9 දක්වා අන්තර් මෝසම් වැස්ස හා අකුණු අනතුරු බහුල විය හැකි බවත් ආරක්ෂිත උපක්‍රම අනුගමනය කිරීමෙන් ඉන් ආරක්ෂාවීමට හැකි බවත් අතුල මහතා පවසයි.

විශේෂයෙන් රටේ තෙත් කලාපයේ හා කඳුකර බෑවුම් ප්‍රදේශවල අකුණු හා තදබල වැස්ස ඇතිවීමේ අවදානමක් පවතින අතර රටේ අන් ප්‍රදේශවල දවස 4 පසුව රාත්‍රි 9 පමණ වන තෙක් වැසි ඇතිවීමට ඉඩකඩ තිබෙන බවත් දෙසැම්බර් 1 වැනිදා දක්වා මේ අන්තර් මෝසම් වැසි තත්ත්වය පවතිනු ඇති බවත් අතුල කරුණානායක මහතා පවසයි.

ඒ අනුව උතුරු මැද හා වයඹ පළාත්වල දැනට පවතින නියඟය ද අවසන් වීමට ඉඩ ඇතැයි ද ඔහු පවසයි. 

 

Comments