
‘ලංකාවේ ලොකුම ඛේදවාචකය ගොඩක් අය බොරු වීරයෝ වෙන්න හදන එක’
‘වීරවංසවල අයත් එහෙම කරනවද?’
‘ඒකනේ තවත් දුක’
‘බෝම්බ ගහනවා කියලා කයිවාරු ගැහුවාම මනාප ලැබෙයි කියලා හිතනවද?’
‘එහෙම නැත්නම් නැගල යන අයිඩියා එකක් කියලා ඔහේ කියලා දැම්මද’
‘දේශප්‍රේමීත්වය තමන්ගේ බූදලයක් කියලා හිතනකොට ඔහොම වෙන්න පුළුවන්’
‘ගුණයට රත්නයක් වන් කමල්ට වුණෙත් ඕකමද?’
‘මොකක්ද?’
‘දේශප්‍රේමීත්වය තමන්ගේ ප්‍රයිවට් ප්‍රොපටි එකක් කියලා හිතන එක’
‘එහෙම හිතන්න ගිහින් තමයි එතකොට අර අසූඅටකාලේ ජේවීපී එක කරපු වැඬේ කරන්න ඕනෑ කිව්වේ’
‘සයිටම් විරෝධී කට්ටියට ඕනැත් ආපසු අසූඅටකට යන්න’
‘කට්ටියට අමුකැවිලද?’
‘අමු හොඳයි’
‘වීරත්වය කියන්නේ එක දවසෙන් එක ස්ටේජ් එකෙන් ලබාගන්න පුළුවන් දෙයක්ද?’
‘එහෙම හිතන අය හින්ද තමයි දේශය පාලූවෙලා තියෙන්නේ?’
‘හැබැයි ඉතින් වැරැද්ද වැරදියි කිව්ව කෙනාටනම් දඬුවම් දීලා තියෙනවා මහා වීරයෙක් වගේ’
‘ඔව් පියසිරිව පක්ෂෙන් ඉවත් කරලලූ’
‘එහෙම තමයි වීරකම’
‘එතනදි තියෙන්නේ ඒකාධිපති හැසිරීමක්’
‘තමන්ගේ පක්ෂේ ඉන්න හරි දෙයක් කියපු කෙනෙකුට විරුද්ධව ඔහොම පියවරක් ගන්න කෙනා ගාව රටේ ඉන්න කිසියම් මනුස්සයෙක් ගැන හරි ආදරයක් තියෙන්න පුළුවන්ද?’
‘මට හිතෙන්නේ මේ අයට ඇත්ත ඕනෑකම තියෙන්නේ ව්‍යවස්ථාව පරද්දන්න හරි රට රැකගන්න හරි වෙනදේකට හරිනෙමෙයි’
‘බොරු වීරයෝ වෙන්න’
‘ඔවුන්ගේ වීරත්වය බොරුවක්. ඔවුන්ට බොරුව වීරත්වයක්’
‘ඒක ද එතකොට ඒ අය දන්න එකම වීරවංසය’
‘මිනිසා නොහදා රට හදන්න බෑ කියලා මඩිහේ හාමුදුරුවෝ දේශනා කළා’
‘බොරු වීරයෝ දකිනකොට මට මතක් වෙන්නේ ඒ කතාව’
‘සිහිනෙන්වත් බොරු වීරයෙක් වෙන්න ප්‍රාර්ථනා කරන්න හොඳනෑ’
‘ව්‍යවස්ථා නීති රීති දේශපාලන තීන්දු ගැන විතරක් නෙමෙයි මිනිස්සු ගැනත් හිතන්න ඕනැ’
‘ව්‍යවස්ථා විතරක් නෙමෙයි මිනිස්සුත් හොඳ ද නරකද කියලා හිතන්න ඕනෑ’
‘පිට තියෙන ව්‍යවස්ථා විතරක් නෙමෙයි තමන් ඇතුළේ ඉන්නේ කවුද කියලත් ඇතුළට හැරිලා බලන්න ඕනැ’
‘ඒවා වෙන්නේ නෑ මේකපේ’
බොරු වීරයන් සමඟ නිදි නැතිව ගෙවුණු සිහිනයක් එසේ සමාප්ත විය.